1200 x 80 DMirror

තමා ඇතුළු කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට එක්ව ඇතැයි පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තුවේ ස්වාධින කණ්ඩායමක්

නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.


'' අපි ඊයේ විපක්ෂනායකතුමා හමුවුනේ, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබෙත් එක්ක විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම් එකට වැඩකිරීම සඳහා වන මුලික සාකච්ජාවක් කරන්න. '' අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා සඳහන් කළේය.


අදාල කණ්ඩායමේ නායක අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයා එබව පැවසුයේ, යාපා කණ්ඩායම හා විපක්ෂ නායකවරයා අතර ඊයේ (14) පැවති සාකච්ජාව සම්බන්ධයෙන් මාධ්‍යවල පළවී ඇති එකිනෙකට පරස්පර වාර්තා පිළිබඳව 'ද ලීඩර්' කළ විමසීමකදීය.


අනාගතයේ සුබ පෙර නිමිත්තක් !


කෙසේවුවද විපක්ෂනායක කාර්යාල මාධ්‍ය අංශය සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ  (14) දහවල් නිවේදනය කර තිබුනේ, පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූ බවයි. ඒ අනුව, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම එලෙස සමගි ජන බලවේගය සමඟ එක් වූ බව ප්‍රකාශයට පත්කර තිබිණ.


රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිලිබදව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව,කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසු බවද විපක්ෂනායක කාර්යාල සමාජ මාධ්‍ය සටහනේ සඳහන් විය.


"ස්වාධීන වූ මන්ත්‍රීතුමන්ලා 6දෙනෙකුගේ කණ්ඩායමක් සමගි ජන බලවේගයත් සමග සන්ධාන ගත වීමට තීන්දුවක් අරන් තියෙනවා. එය සුබ පෙරනිමිත්තක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වැඩපිළිවෙලට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙත් පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ කර්තවයට ලැබෙනවා. එකම රටේ එකම පුරවැසියන් කියන ප්‍රතිපත්තිය තුළ." විපක්ෂ නායකවරයා පවසයි.  


"සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත්'' එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසු බවද විපක්ෂ නායක කාර්යාල සටහනේ සඳහන් විය.



කෙසේවුවද එසේ සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.


වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, තමා සමගි ජනබලවේගය සමග එක්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවය. එහි සඳහන් කර ඇත්තේ, තමා විපක්‍ෂ නායකවරයා මුණගැසුණේ 2023 අයවැයේදී පොදුවේ විපක්‍ෂය ලෙස ක්‍රියා කිරීම ගැන සාකච්ඡා කිරීමට බව යි.


පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් දක්වා ඇත්තේ තමා විදේශගතව සිටින බවත් සමගි ජන බලවේගය සමග සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවත්ය.


මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, එම සාකච්ඡාව සිදුවුණේ පාර්ලිමේන්තුවේ කථික ලැයිස්තුවේ කාලය ලබා ගැනීම ආදී කරුණු සාකච්ඡා කිරීමට මිස ස.ජ.බ. සමග සන්ධානගතවීමට නොවන බව ය.


තමන් කිසිදු විටක සමගි ජනබලවේගය සමග සම්බන්ධ වීමට තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබේ.

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය