theleaderlk 01

ඊයේ දිනට (14) යෙදී තිබුනු ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනා.



ප්‍රකට ජිප්සීස් සුනිල් පෙරේරාගේ ලුණුදෙහි ගීතය ප්‍රතිනිර්මාණය කරමින් ඒ හරහා සීනී සහ පිටි භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ උත්සාහයක් මෙහි දකින්නට තිබුනා.


දියවැඩියාව මෙන්ම අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අධික තරබාරුව, මානසික ආතතිය බඳු රෝග රැසකටම හේතුකාරක වන වැඩි සීනි පිටි භාවිතය පිළිබඳ ඉතාම විනෝදාත්මක ආකාරයෙන් ජනතාවට පණිවිඩයක් රැගෙන යාම මෙහි සුවිශේෂයයි.





දියවැඩියා රෝගය පිළිබඳව අවධානය යොමු කරන මූලික ගෝලීය දැනුවත් කිරීමේ ව්‍යාපාරය වන ලෝක දියවැඩියා දිනය යනු සෑම වසරකම නොවැම්බර් 14 (අද) දින සමරනු ලබයි. ‘දැනුවත් වී ආරක්ෂා වෙමු’ යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාවයි.

 

ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නයට 90%කට ආසන්න පීඩනයක් ඇති කරන්නේ මෙම බෝ ‍නොවන රෝග හැටියට හඳුන්වන රෝගාබාධ මගිනුයි. මේ තත්වය මගහරවා ගැනීමට නම් ඖෂධ මත රඳා පැවතීම වෙනුවට ජීවන විලාසිතාවේ සහ ආහාර රටාවේ වෙනසක් ඇති කරගත යුතු බව විශේෂඥවරුන් පෙන්වා දෙන කාරණයයි. ලංකාවේ සීනී භාවිතය පවතින්නේ වැඩි ආදරය ප්‍රකාශ කරන ආකාරයක් විදිහටයි. එමෙන්ම බත් පාන් මූලික කරගත් අපේ ආහාර රටාවද මෙම බෝ නොවන රෝග තත්වයන් වැඩිකිරීමට බලපායි.

 

ලංකාවේ ජනගහනයෙන් 12%ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙයි. දියවැඩියාව සහ කොලස්ටරෝල් ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් පෙළෙන පිරිස කොළඹ පමණක් 9%කි.  හෘදයාබාධ 3%ක ප්‍රතිශතයක් බවට ගනන් බලා තිබේ.


මේ ආකාරයෙන් බලන කල ජනතාවගෙන් තුනෙන් එකක ප්‍රමාණයකට ආසන්නව මෙම බෝ නොවන රෝගවලින් පෙලීමේ අවදානමක් අප රටෙහි තිබේ. අපගේ සීනී සහ පිටි මූලික කරගත් ආහාර රටාව වෙනස් කරගැනීමෙන් සහ ව්‍යායාම කිරීමේ පුරුද්දක් ඇති කරගැනීමෙන් ‍මෙම තත්වය මගහරවා ගැනීමට හැකිවනු ඇත. එය අපේ පුද්ගලික ජීවිතයේ නිරෝගී බවට මෙන්ම රටක් හැටියට සෞඛ්‍ය සේවය මත පැනවෙන බර අඩු කිරීමටද හේතුවනු ඇත

 

නවතම පුවත්