මෙරට සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.



අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පුද්ගලයින් 15දෙනෙකු වෙනුවෙන් එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සේවයට බදවා ගෙන ඇති බවයි. මෙලෙස රාජ්‍ය සේවකයන් වැඩි වී ඇත්තේ දේශපාලන පත්වීම් හේතුවෙන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.





රාජ්‍ය සේවකයන් වැඩිවීමට තමන්ද දායක වූ බව ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර පැවසිය.



රාජ්‍ය අංශය කුඩා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණද පවසයි.


පසුගියදා රැළියක් අමතමින් ජවිපෙ නායක අනුර දිසානායක පැවසුයේ, හැම රජයක් විසින්ම කළේ පුළුවන් තරම් රජයේ රස්සා දීම බවත් මේ වන විට එය රටේ ආර්ථිකයටම බරක් වී ඇති බවත් ය.


දේශපාලකයන්ගෙ පස්සෙ වැටී රස්සා ඉල්ලමින් යන ජනතාවද මේ ගැන වගකිව යුතු බව ඔහු එහිදී සඳහන් කළේය. තමන්ගේ රජයකින් රජයේ රැකියා දීම සිදු නොකරන අතර රැකියා උත්පාදනය කළ හැකි ආර්ථික පරිසරයක් ඇති කිරීමට කැපවන බව ඔහු අවධාරණය කර සිටියේය.







සබැඳි ලිපි :
අනුරගේ පරිවර්තනය : ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යයක් ! - (අජිත් පැරකුම් ජයසිංහ)

ගොඩයන්න නං රාජ්‍ය සේවය කුඩා කරන්න - අනුර කියයි

බදු විතරද? රජයේ බර එතකොට? - (අජිත් පැරකුම් ජයසිංහ)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්