මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක්

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ට ගෙවන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ට අද (17) නියෝග කළේය.

ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණසේකර විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පැමිණීලිකාර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල  2017 වසරේ දී කරනු ලැබු පැමිණීල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තමන් සුදුසු පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ඉකුත් 2003 වර්ෂයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි තිලංග සුමතිපාල මෙම පැමිණීල්ල ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

හිටපු අමාත්‍යවරයා තමන්ට අභූත චෝදනා එල්ලකරමින් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවූ බවත් ඒ හේතුවෙන් තමන්ට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඔහුගෙන් අයකර දෙන ලෙසත් පැමිණීල්ල අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය 2003 වසරේ දී තමන්ට අපහාස සිදු වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි පවසමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග ට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල 2017 වසරේ දී ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණයේ පවරා තිබූ පැමිණිල්ලකට අදාළව මෙලෙස නියෝග ලැබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර පහකට පසු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල විත්තිකාර අර්ජුන රණතුංග ට නියෝග කර තිබුණේ පැමිණීලිකාර තිලංග සුමතිපාල වෙත රුපියල් මිලියන විසිපහක වන්දි මුදලක් ගෙවන ලෙසය.


(lankadeepa.lk)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්