ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13 ක් විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය
කර ඇති රුපියල් කෝටි තිස් තුනකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
දෙදහස් විසි එක වර්ෂයේ යෝජිත සහ පෙර වර්ෂවල සිට ඉදිරියට ගෙන ආ ව්‍යාපෘති 13ක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි එකසිය පහළොවක් වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට ඒවායේ වියදම රුපියල් කෝටි තිස් දෙකක්වූ බව විගණන වාර්තාවක සඳහන් වේ.
මේ අතර ක්‍රීඩා ව්‍යාපෘති 24 ක් සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට රුපියල් කෝටි 90 වැඩි මුදලක් වැය කර තිබූ නමුත් විවිධ හේතු මත මින් ව්‍යාපෘති ගණනාවක වැඩ නිමකිරීම ප්‍රමාදව තිබූ බව පවසන විගණන කාර්යාලය එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති වියදමින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මේ හේතුවෙන් අපහසුවී තිබුණු බවද සඳහන් කරයි.
(lankadeepa.lk)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න