theleaderlk 01

දින 90ක් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා

ඊයේ  (නොවැම්බර් 18) කොළඹ පැවති විරෝධතා විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.

මෙම විරෝධතා සංවිධානය කරන ලද්දේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

සිවිල් ක්‍රියාකාරීන්, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ.

 
කොළඹ නගරයේ දී ඊයේ  (18) දැවැන්ත විරෝධතා පා ගමන් දෙකක් පැවැත්වූ අතර, වැලිකඩ බන්ධනාගාරය දක්වා පැමිණි පිරිස ඉන් අනතුරුව විසිර ගියහ.

එම එක් පා ගමනක් තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලින් ආරම්භ වූ අතර, අනෙක් පා ගමන ආරම්භ වූයේ නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අසලිනි.

මෙම පා ගමන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කොළඹ මල් පාර අසලදී හා නෙළුම් පොකුණ රඟහල අසලදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරද එල්ල කරනු ලැබුවත් විරෝධතාකරුවෝ ඒවා නොතකා වැලිකඩ බන්ධනාගාරය දක්වාම ගමන් කළහ.

අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ නාම පුවරුව සහිත කෙටි තාප්පය මතට ගොඩ වූ අන්තර් විශ්ව විද්‍යාලයීය වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොඩ්රිගෝ රැස්ව සිටි පිරිස ඇමතීය.

“කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලින් අපිව නවත්වන්න බැරි බව අද අපි ඔප්පු කළා. වසන්ත සහෝදරයා සහ සිරිධම්ම හිමියන් දින 90ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීමෙන් පසු දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර හෝ තවත් කාලයක් තබාගැනීමට උත්සාහ කරනවා. ඔවුන් නිදහස් කරන තුරු අපේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.” යැයි ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විශාල පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබුණත්, පා ගමන අවසන් කෙරුණු බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය ආසන්නයට පොලීස් කණ්ඩායම් ළඟා වූයේ ශිෂ්‍ය නායකයින්ගේ කතා අවසන්වීමෙන් පසුවය.

 zsdw

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

pe2024 2

worky sin

නවතම පුවත්