ටවර් හෝල් පදනම විසින් පවත්වනු ලබන සමස්ත ලංකා සිංහල සහ දෙමළ පාසල් නාට්‍ය තරගාවලිය සඳහා ඉල්ලුම් කළ සියලු ම නාට්‍ය: අධ්‍යක්ෂකවරු,
පිටපත් රචකයින් සහ සංගීත අධ්‍යක්ෂකවරු සඳහා එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ටවර් හෝල් පදනම කටයුතු යොදා ඇත.
මෙය පවත්වන්නේ තරගාවලිය සඳහා ඉල්ලුම් කර ඇති සියලුම නාට්‍ය අධ්‍යක්ෂකවරු, පිටපත් රචකයින් සහ සංගීත අධ්‍යක්ෂකවරු සඳහා අදාළ විෂයය සම්බන්ධයෙන් මූලික දැනුමක් ලබා දීමේ අරමුණෙනි.
අදාළ නාට්‍ය සහ රංග කලා වැඩමුළුව 2022/11/22වන දින පෙරවරු 08.00 සිට පස්වරු 04.00 දක්වා සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු සූදානම් කර ඇත.