'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරන ගුවන් යානයෙන් යලි

දිවයිනට පැමිණියේය.


ඔහු මීට මාසයකට පමණ පෙර සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණි.


අද දිනයේ ඔහු පිළිගැනීම සදහා  රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.


මෙහිදී ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි සනත් නිශාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ පැමිණීම පිළිබඳව අදහස් දැක්වීය .'

' බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු කිරීම සදහා මෙසේ පැමිණ තිබෙනවා. මෙම පැමිණීම පක්ෂයට ශක්තියක්. මන්ත්‍රීවරුන්ට ගමට ගිහිං ජන්දෙ ගන්න රාජපක්ෂවරු අවශ්‍යයි..'' යැයි ද ඔහු පැවසීය.



 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්