1200 x 80 DMirror

දැන දැනම වගකීම් බාරගෙන, අනුන් පිට වැරදි පැටවීමට තවදුරටත් නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

 


විටින් විට රට විනාශ කළ, රටෙහි යුද්ධ ඇති කළ, රට තුළ අර්බුදයන් ගොඩනැඟූ සියලු දෙනා හැත්තෑපස් වසරක රටෙහි ගමන් මඟට වගකිව යුතු යැයි ද ඔහු කියා සිටියි.

මෙනිසාම මෙම කාල වකවානුව තුළ එක් එක් කණ්ඩායම් වලට දොස් පවරා ගත හැකි වුවත් කළ යුත්තේ සියලු දෙනා එක්ව එක් සැලැස්මක් ඔස්සේ රට දිනවීම බවද ඇමතිවරයා කීය.

පසුගිය කාලයේ පැනනැගුන විරෝධතා හේතුවෙන් දේශපාලනඥයාගේ භූමිකාව වෙනස් වී ඇතත් ජනතාවගේ භුමිකාවේ එතරම් වෙනසක් නොපෙනෙන බවත් එය තවදුරටත් වෙනස් විය යුතු යැයිද ඔහු පැවසිය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම කාරණා අවධාරණය කර සිටියේ, පාර්ලිමේන්තුවේ පෙරේදා (18 දින ) පැවති අය-වැය විවාදයට එකතුවෙමිනි.

අමාත්‍යවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.

'' අපි මේ අවුරුදු 75 ක පාලනයෙන් අවුරුදු 40 ක් විතරම මේ කියන කණ්ඩායම් විසින්ම මහා විනාශයන් ඇති කල බව කියනවා. එය  අහවල් කාලයේ ගත්ත අහවල් තීන්දු නිසා කියනවා. මොනදේ වුණත් ඒ තීන්දු තීරණ පස්සේ ආපහු දුවනවද එසේ නැත්තම් හෙට දවසේ ඉදන් ඉදිරියට දැක්මක් එක්ක සියලුම කණ්ඩායම් එකට එක්කාසු වී ක්‍රියාකාරී සැලැස්මක්, ප්‍රතිපත්තිමය කියන දේවල් එකට තියලා වැඩපිළිවෙළක් එක්ක මින් ගොඩයන්න උත්සාහ කරනවාද කියන තර්කය අපිට භාර ගන්න සිදු වෙනවා.



ඒ වගේම තමයි පහුගිය කාලයේ සමාජ දේශපාලන පෙරළියක් විසින් ඇතිකරපු තත්ත්වය. ඒ සමාජ පෙරළිය හරහා පුරවැසියා වෙනස් වෙලා නැහැ.  හැබැයි දේශපාඥයා වෙනස් වෙලා තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. දේශපාලකයාගේ භූමිකාව වෙනස් වෙලා තියෙනවා. තවදුරටත් වෙනස් විය යුතුව තියෙනවා. ඒ ගැන තර්කයක් නැහැ. මොකද හේතුව තවදුරටත් අපට බැහැ මේ විදියට යන්න. අද මම ඇමතිවරයෙක් විදිහට  ඉදලා මට අනිත් පැත්ත හැරිලා අහවලාගේ වැරැද්ද, අහවලාගේ වැරැද්ද නිසා මේ දේ සිදු වුණා කියන  ප්‍රතිපත්තියෙන්, එහෙම නැත්තම් සම්ප්‍රදායෙන් අපි ඉවත්වෙන්නට ඕනෑ.



ඒ වැරැද්ද දැනගෙන තමයි අපි මේ වගකීම භාර ගන්නේ. හැබැයි අපි සාමුහිකව පාර්ලිමේන්තුවේ  සියලු දෙනාම මේ භූමිකාව තුළ අඩු වැඩි වශයෙන් අවුරුදු 75 ට වගකියන්න ඕනෑ විටින් විට, මේ රට විනාශ  කළ මේ රටේ යුද්ධ ඇතිකළ සිවිල් යුද්ධ ඇති කරපු ඒ සියලු කණ්ඩායම් වගකියන්න ඕනෑ. පුරවැසියත් යම් කිසි දායකත්වයක් දී තිබෙනවා. ඒ නිසා පුරවැසියා නෙමෙයි වෙනස්  වෙන්නේ දේශපාලඥයාගේ භූමිකාව සහ දේශපාලඥයාගේ වපසරිය ඉදිරි අනාගතය වෙනස් විය යුතු කාලයක් එළඹිලා තිබෙනවා.

 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය