ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බවත්, එය ලබන ජනවාරියේදී

පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (20) පැවසීය.

තමන් එදා රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන විවිධ අය චෝදනා කළත්, එවැනි තීන්දුවක් ගැනීමට දැඩි ලෙස සිත් පෑරුණු සිදුවීම් ගණනාවක් හේතු වූ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් ජනතාව නොදැන සිටි කරුණු සහිත කෘතිය පිටවූ පසු තමන්ට මොනවා වෙයිද දන්නේ නැතැයි ද හෙතෙම කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් ‘අර්බුදය, අයවැය හා රටේ අනාගය’ යන මැයෙන් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.



තමන් පළමු සිද්ධියට මුහුණ දුන්නේ 2007 වසරේ පරිසර අමාත්‍යවරයාව සිටියදී, පසුගිය දිනවල ලංකාවේ නොසිටි, එක්තරා අයකුගේ ටෙන්ඩරයක් අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත්, එදා සිට රාජපක්‍ෂ ආණ්ඩුව හා තමා අතර ප්‍රශ්න ඇතිවූ බවත් හෙතෙම කීවේය.

 

එමෙන්ම එවක අගමැතිවරයාව සිටි දි.මු ජයරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති තමන් ද ප්‍රධානත්වය ගත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී රැස්වීමකදී අධිවේගී මාර්ග ඉදිකිරීමේදී වංචා දූෂණ සිදුවන බවට එල්ල වන චෝදනා ගැන මන්ත්‍රීවරයෙක් කතා කළ බවත්, පසුදින තමන් අරලියගහ මන්දිරයට ගෙන්වූ බවත් එහිදී වෙනදා දකිනවාට වඩා වියරු මුහුණක් දුටු බවත් වංචා දූෂණ ගැන කතා කළාදැයි එම මුහුණින්ම තමන්ගෙන් ප්‍රශ්න කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

පක්‍ෂ ලේකම්වරයෙක්, ඇමතිවරයෙක් ආණ්ඩුවේ දූෂණ වංචා කතා නොකළ යුතු බවත්, කරනවා නම් තනතුරු කළ නොහැකි බවත් තමන්ට එහිදී පැවසූ බවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

(lankadeepa.lk)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්