1200 x 80 DMirror

රාජපක්ෂවරුන් බලයෙන් නෙරපා දැමු ජනතා අරගලය හමුවේ විදෙස් ගතව සිට යළි  දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක

පිළිගැනීමට ස්වාධීන කොමිසමක ප්‍රධානියාද එක්ව සිටීම සමාජ මාධ්‍ය අවුලුවා තිබේ.


මාස දෙකකට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිටි බැසිල් රෝහණ රාජපක්ෂ  ඩුබායි සිට මෙරටට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් E.K – 650 දරණ ගුවන් යානයෙන් නොවැම්බර් 20 වැනි ඉරිදා උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු  පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නියෝජිතයන් අතර ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ද සිටින ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.


Lukshayan Muthukumarasamy
Manjula Basnayake

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු එම අවස්ථාවට එක්ව සිටීම නිසා එම කොමිසමේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ආරම්භ වී ඇත.


ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට එරෙහි ආරම්භ වු ජනතා විරෝධතා ව්‍යාපාරය හමුවේ සැප්තැම්බර් 9 වැනිදා රට හැර ගොස් තිබුණි.


ඔහු සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ ජුනි 9 වැනි දිනයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ ඉදිරි මැතිවරණ සඳහා පක්ෂයේ සැලසුම් බැසිල් රාජපක්ෂගේ ආගමනයත් සමඟ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.


රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත් වූයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගේ ඡන්දයෙන් වන හෙයින් බැසිල් බැහැදැකීමට චන්ද්‍රා ප්‍රනාන්දු ගියේ ඉහලම අනුමැතියෙන් දැයි සැක පහල කරන්නෝද වෙති.




 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය