හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ

සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22) ඒකමතිකව තීරණය කර තිබේ.

එහිදී මෙතෙක් එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න එම ධුරයෙන් ඉවත් කරමින්, නව භාණ්ඩාගාරික වරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත්කර ඇත.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඇමැති මහින්ද අමරවීර ඉවත් කර එම ධුරයට තිලංග සුමතිපාල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මේ අතර, හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්