හිස්වචන කීමෙන් හෝ සුරන්ංගනා ලෝක මැවීමෙන් වත්මන් තරුණ ප්‍රජාව වල්මත් කිරීමට සිතීම මුලාවක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්

මාකර් පවසයි.


ඔහු එබව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට සහභාගී වෙමිනි.


එහිදී ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.


'' වචන වලට වඩා හැසිරීමයි වැදගත් වෙන්නේ. තරුණ අපේක්ෂා ඉටු කිරීම ගැන මෙවර අයවැය ලේඛනයේ ගොඩක් කතා කරල තියනවා. ඒ කතාවන් අව්‍යාජ නම් තරුණ නියෝජනත්වයේ හඬට ඇහුන්කම් දීමෙන් ඔබේ සද්භාවය ඔප්පු කරන්න ඔබට පුළුවන්. හිස්වචන කීමෙන් හෝ සුරන්ංගනා ලෝක මැවීමෙන් අද තරුණ ප්‍රජාව වල්මත් කිරීමට සිතීම මුලාවක්!


තරුණයින්ගේ ජීවිත ගැන කල්පනා කරන්න. ඔවුන්ගේ ජීවිතයේ හොඳම කාලය තුළ ඔවුන්ව රඳවාගෙන ඉන්නවා චෝදනා රහිතව. එලෙස ඔවුන්ගේ ජීවිතය අඳුරේ දැමීමට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවකාශයක් නෑ. මේ මොන අපරාධයක්ද!


මේ වෙලාවේ මට මතක් වෙනවා මගේ තරුණ නියෝජනත්වය ගැන යෝජනාව. දැන් එය තිබෙන්නේ අගමැතිවරයාගේ මේසය මත. ඔහුගේ නිර්දේශය ලද විගස එය සම්මත කරගන්නට පුළුවන්. 18ට වැඩි පුද්ගලයන්ට ඡන්ද අයිතිය ලබා දෙන්නට මැලි වූ අනුගාමිකයන් එදා සිටියා. නමුත් අපේ වර්තමාන අගමැතිවරයා ප්‍රගතිශීලී නායකයෙකු වනු ඇතැයි මා විස්වාස කරනවා. ''



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්