රජයේ සේවකයන් වයස අවුරුදු 60දී අනිවාර්යයෙන්ම විශ්‍රාම යා යුතු බවට ගෙන තිබෙන තීරණය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසකගේ

අවශ්‍යතාවය මත අවුරුදු 65 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබීමත් සමඟ බරපතළ ගැටළු මතුවී තිබේ.


අගතියට පත් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් මේ පිළිබඳව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී ඇත.

 

2022 දෙසැම්බර් 31 වෙනි දින වනවිට විශ්‍රාම යාමට නියමිතව සිටින පිරිස එම කාලය දීර්ඝ කරගත හොත් දැනට පාර්ලිමේන්තුවේ සිටින කාර්ය මණ්ඩලයෙන් හරි අඩකට වැඩි පිරිසක් උසස්වීම් අහිමිවීමේ සහ ඉහල ශ්‍රේණිවලට පත්වීමේ ඉඩකඩ ඇහිරෙන බවට කරුණු දක්වා තිබේ.

 

පාර්ලිමේන්තුවේ මුලු කාර්ය මණ්ඩලය 900ක් පමණ වන අතර එයින් 450ක් පමණ තමන්ට නියමිත උසස්වීම් ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණදීම මෙන්ම උසස්වීම් අහිමිව විශ්‍රාමයාම දක්වා අගතීන්ට පත්වන බව කතානායකවරයාට දැනුම්දී තිබේ.


දැනට සේවයේ යෙදී සිටින, වැඩ කළ හැකි මට්ටමේ සිටින තරුණ හා මැදි වයස් සේවකයන් සඳහා සේවා උසස්වීම් ලබාගත හැක්කේ වයස්ගත සේවක සේවිකාවන්ගේ විශ්‍රාම යාමෙන් අනතුරුව වන අතර, විශ්‍රාම වයස් කල් දැමීම හා සේවා දිගු හේතුවෙන් තරුණ සේවක සේවිකාවන් කිහිපදෙනෙකුම වෙනත් රැකියා ලබාගෙන පිටව ගොස් තිබේ.


ඊට අමතරව දැනට සේවයේ සිටින කාර්යක්ෂම සේවක සේවිකාවන් කිහිපදෙනෙකුටම තමන්ට ලැබිය යුතුව තිබෙන සේවා උසස්වීම් ලබාගත නොහැකිව දැඩි කණස්සල්ලටත්, ඉච්ඡා භංගත්වයටත් පත්ව සිටී. දැඩි සේවක විරෝධය මධ්‍යයේ කිහිපදෙනෙකුගේ උවමනාවට සහ දේශපාලන අධිකාරියේ අනුහසට යටත් වීමට බහුතර පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩල සේවකයන්ට සිදුව තිබේ. නීති හදන තැන පරිපාලනය සිදුවන්නේ මෙසේ නම් අනෙකුත් රාජ්‍ය ආයතන ගැන කවර කතා ද? කතානායකවරයාට යොමුකර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

letter 2

letter 221122


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්