අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවන වර  කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය.



පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 84 ක් පමණි.

තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී විග්නේෂ්වරන් පනතට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඩලස් පිළ, විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියහ.

ලබන වසර (2023) සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන දින ආරම්භ වූ අතර 07වන දිනටත් අද දිනයේ විවාදය පැවැත්වුණි. විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 08 වන දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්නන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්