විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.



මේ සඳහා වන ඒකාබද්ධ යෝජනාව ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ  (නොවැ. 22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, ලක්ෂ 5ක පමණ තරුණ කණ්ඩායම් වර්තමානයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව ය.

 

“අයිස් නැමැති විෂ රසායනය පිළිබඳව අපිට නීතිමය පියවර ගත නොහැකිව තිබුණා මොකද අපේ අන්තරායකාර ඖෂධ පනත යටතේ තහනම් ඖෂධයක් විදිහට මෙය අන්තර්ගත වෙලා නොතිබුණු නිසා ගිය සතියේදී අපි පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගත්තා. ඒ අනුව, හෙරොයින් වගේ ම ග්‍රෑම් 5කට වැඩි පාවිච්චි කරන සහ ළඟ තබා ගන්න ව්‍යාපාර කරන තැනැත්තන්ට මරණීය දණ්ඩනයෙන් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමෙන් දඬුවම් කළ හැකි වරදක් බවට නීතිය සම්මත කර ගනු ලැබුවා.”

 

පොලිසියෙන් හෝ මත්ද්‍රව්‍ය නිවාරණ අංශ සිදු කරන වැටලීම්වලින් රාජ සන්තක කර ගන්නා මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණ ගබඩාවවල තැන්පත් කළ ද එය කලකට පසුව එම මත්ද්‍රව්‍ය අතුරුදන් වන බව විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.


“සමහරක් හෙරොයින් වගේ විෂ මත්ද්‍රව්‍යවල වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පැනඩෝල් කුඩු නැත්නම් වෙනත් පිටි වර්ගයක්. එය නැවත නැවත වරින් වර සමාජයට ම යනවා. මේවට නිලධාරීනුත් විශාල වශයෙන් සහයෝගය දුන්නා. සමහරක් අවස්ථාවලදී නාකොටි අංශයේ පොලිස් නිලධාරීන් පවා මේ වැරැදි කරලා තිබුණා. ඒ උදවියත් නීතියේ රැහැනට හසු කරලා තියෙනවා.”


අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, විනුසුරුවරයාගේ නියෝගය අනුව වැටලීම්වලින් සොයා ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණවත් කොටසක් පමණක් තබා ගෙන අනෙක් සියල්ල විනාශ කරන ලෙස මෙම සංශෝධන පනතෙන් නීති සම්පාදනය කර ඇති බව ය.


“අද සිර ගෙවල්වල 26000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ 26000අපි දළ වශයෙන් බැලුවොත් 80%ක් විතර ඉන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය. එහෙම නොවනෙවා නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා වෙනත් කරපු වැරදි.”


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්