ඉතිහාසයේ පටන් මෙරට ඇතිවූ කැරලි සම්බන්ධයෙන් අපි කිසි දිනක දේශපාලන වශයෙන් සොයා බැලීමක් සිදු නොකළ බව ප්‍රවීන දේශපාලන විශ්ලේෂක
හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
 

ගොඩයමු සාමූහිකයේ හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා තිබුණි.
 

ඔහුගේ අදහස් දැක්වීම පහතින්,
 
 
"මේ ස්ථානයට ආරාධනා කරහම මම කිව්වා මට මතයක් තියෙනවා මගේ ගොඩ දෑ මේ කතාව ආර්ථිකයට සීමා වෙච්ච එකක් නෙවෙයි.  ආර්ථිකයේ බ ඉඳං වැටීමක් තියෙනවා. අපිට උහුලගෙන ඉන්න බැහැ හරි පීඩාකාරියි.
 
 
 
ඒ තරම්ම තරුණ බිඳවැටීමක් සමාජ දේශපාලන ක්‍රමයේ තියෙනවා. කිසිම දෙයක් හරියට වැඩ කරන්නේ නැහැ. හැම තැනක්ම නැවතිලා තියෙන්නේ. හැම දැති රෝදයක් ම දූෂිතයි. හැම දැති රෝදයක් ම මලකඩ කාලා. අපි කවර මට්ටමකින් වත් වෙච්ච වැරදි වලින් ඉගෙන නොගත්ත මෝඩ රටක්.
 
 
 
අපේ මේ රටේ නිදහසෙන් පස්සේ පැත්තකින් බලන්න, අපිත් එක්කම නිදහස ලබා ගත්ත රටක් තමයි අසල්වැසි ඉන්දියාව. නමුත් ඒ ගොල්ලො නිදහස ලබාගත්තේ නිදහස් අරගලයක් හරහා. ඒ නිදහස් අරගලයක් හරහා විතරක් නෙවෙයි, ඒ අරගලයෙන් පස්සෙ ඉංග්‍රීසියෙන් දෙන්න හදපු ඒ ආණ්ඩුක්‍රමය අපි වගේ කර ගහගෙන ගියේ නැහැ. කොල්ලො ඉතා බැරෑරුම් ලෙස සලකා බැලුවා ටත් විජිත ක්‍රමයක් තුළ පැවතිච්ච ප්‍රතිඵල තුළ ඒ ආකාරයෙන්ම නිදහස් ඉන්දියාව කට ඉදිරියට ගෙන යන්නට බැහැ. අපි ඒවා විවේචනාත්මකව සලකා බැලිය යුතුයි කියලා.
 
 
ලංකාවේ නිදහස් අරගලයක් තිබුණෙත් නැහැ. නිදහස අපිට ලැබුනට පස්සේ, බැරෑරුම් ලෙස මේ දේවල් කිසි දෙයක් අපි විවේචනාත්මකව සලකා බැලුවේ නැහැ. නිදහසේ ඉදලම මම හිතනවා මුළු ලෝකයේ වෙනත් රටවල් එක්ක සැසඳූවහම ලංකාව තරම් තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දුෂ්‍ය කරපු, උල්ලංඝනය කරපු කිසිම රටක් ලෝකයේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියන්නේ රටේ උත්තරීතර නීතිය ඒකට ඉතාමත් ගරු කටයුතු, ඇත්තටම යම් ප්‍රමාණයකට දේවත්වයෙන් සලකන දෙයක් තමයි උත්තරීතර නීතිය කියන්නේ. මම දේශපාලකයින්ට පමණක් චෝදනා කරන්නේ නැහැ දේශපාලකයෝ තමයි මේක කලේ මතක තියාගන්න.
 
 
 
අපේ රටේ අපි පම්පෝරි ගහන උගත් සමාජයක් හිටියා මට කියන්න මෙතන කවුරුහරි ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේදී ඇරෙන්න රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කිසිම අවස්ථාවක මේ රටේ උගත් ජනයා එක වචනයක්වත් කතා කරලා තියෙනවද කියලා. නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ දේශපාලකයෝ විතරක් නෙවෙයි ව්‍යවස්ථාදායකය විතරක් නෙවෙයි, ව්‍යවස්ථාදායකය විධායකය සමාන වෙලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඉන්න අධිකරණයත් හවුල් වෙලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ.
 
 
 
අපි ඉන්න ගැඹුරු අගාධය ඔබවහන්සේලා බලන්න එළියට බැස්සොත් මේ රටේ කොච්චර මිනිස්සු අකාලයේ මැරිලා, මරා දාලා තියෙනවා ද කියලා සොයා බැලුවොත් එහෙම මේ දේශය, මේ භූමිය ලේ වලින් තෙත් වෙච්ච මස් ඇටකටු වලින්, ඒ කියන්නේ අපිරිසිදු වෙච්ච දේශයක්. සාමාන්‍යයෙන් ගෙදරකට ගං වතුර ගැලුවත් මිනිස්සු ඒ ගෙදර හෝදල දානව අපිරිසිදු වෙලා කියලා. අපි කවදාවත් එහෙම හෝදලා දැමුවේ නැහැ. අපි කැරලි කාරයෝ ද කැරලි මර්ධනය කරපු අය ද විවිධ හේතු තියෙන්න පුළුවන්,
 
 
 
මේ රටේ මිනිස්සු තරගෙට මැරුවා.  සංඛ්‍යාව අති විශාලයි. කවදාක්වත් අපි ආපස්සට හැරිලා මේ මොකද්ද වුණේ ඇයි කොල්ලො කෙල්ලො මේ විදිහට ක්‍රියා කළේ කියලා සොයා බැලුවේ නැහැ. කවදාවත් දේශපාලන වශයෙන් සොයා බැලුවෙත් නැහැ. අපේ රටේ සමාජයට ඒ ගැන කතිකාවක් තිබුණෙත් නැහැ. මේ අපේ කොල්ලො කෙල්ලො නේද උතුරෙත් දකුණෙත් හමුදාව පොලීසිය, කැරලිකාරයෝ ඔක්කොම එකට ගත්තම, විශාල විනාසයක්. නමුත් අපි කවදාක්වත් මේ අවුල් වලට අත තැබුවේ නැහැ.
 
 
 
ඒ අතර මට මතකයි ඒ කියන්නේ මම අහල තියෙන ලස්සන කතාවක් තමයි ලංකාවට ඩොනමෝර් commissioner ආපු දවසෙම මහත්මා ගාන්ධි ත් ආවා 1926 එකම දවසේ. එතකොට මහත්මා ගාන්ධි ආවේ ලංකාවේ එයාගෙ කදාර් ව්‍යාපාරයට සල්ලි එකතු කරන්න. ඒ අස්සෙ එයාට ආරාධනාවක් ලැබුණා මෙහෙ දේශන පවත්වන්න කියා. ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයෝ, අපේ පරණ දේශපාලන නායකයෝ ඩී. එස්. සේනානායක ලා, බණ්ඩාරනායකලා, ජේ.ආර් ජයවර්ධන ලා  කන්නන්ගර ලා, ඒ ගොල්ලන්ගේ ව්‍යාපාරය ලංකා ජාතික සංගමය ගාන්ධි ට ආරාධනා කළා අපේ සංගමය අමතා දේශනයක් කරන්න කියලා. පරම ධම්ම චේතිය පිරිවෙණයේ තමයි මේ කතාව තිබුණේ. ගාන්ධිට තිබුණා කතා කරන දවස් කතා නොකරන දවස් කියලා. කතා නොකරන දවස්වලට එයාට යමකට ආරාධනා කළහොත් ඒක එයා විනාඩි දහයෙන් පහෙන් ඉවර කරලා කරන දේශනයක් තමයි කරන්නේ. අවාසනාවකට ගාන්ධිට ආරාධනා කරලා තිබුණේ ලංකාවේ දේශපාලන නායකයෝ කතා නොකරන දවසක. ඉතින් ගාන්ධි ගිහින් දේශනය කරා බොහොම කෙටියෙන්. ඒ දේශනය අදටත් වලංගුයි. අපි කොච්චර අන්ධ මෝඩ සමාජයක් ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කතාවෙන් ගාන්ධි කියනවා ඕගොල්ලන්ගේ නිදහස් ව්‍යාපාරයෙ නමත් අපේ නිදහස් ව්‍යාපාරයේ නමත් එක සමානයි. Ceylon National Congress. Indian National Congress ඒත් මම හිතන්නෙ නෑ මේ දෙක එකක් කියලා. ඕගොල්ලන්ගේ රටේ වගේ නෙමෙයි අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අස්පර්ශනීය මිනිසුන් පිළිබඳ. ස්පර්ශ කරන්න පුළුවන්කමක් නැති අශුද්ධ මිනිස්සු කියලා පිරිසක් ඉන්නවා. අපි ඒ මිනිස්සුන්ට මනුෂ්‍ය ගෞරවය ලබාදීම සඳහා, ඒ මිනිස්සු අපි වගේ සමාන මනුෂ්‍ය ගෞරවය තියෙන මිනිස්සු බවට පත් කිරීම සඳහා, අති විශාල මහන්සියක් ගන්නවා. ඒ ගමන් එයා කියනවා, මම ලංකාව ගැන ගොඩක් දන්නෙ නෑ, ලංකා සමාජය ගැන. ඒත් මම අහල තියෙනවා ස්පර්ශ කළ නොහැකි ජන කණ්ඩායමක්, අස්පර්ශනීය ජන කණ්ඩායමක් ගැන ඔයගොල්ලන්ගේ රොඩියෝ කියලා. දේශනය අවසන් කරන්නේ මේ නායකයන් ගෙන් අහනවා ඕගොල්ලො නිදහස ලබන කොට ඒ රොඩී මිනිස්සුන්ටත් නිදහස ලැබෙනවද කියලා. නිදහස ලබා දෙනවාද කියලා.
 
 
මම කියන කතාව, ඒ කියන්නේ මම මේ කියන්න හැදුවේ අපි නිදහස ලබලා අවුරුදු හැත්තෑවකට වැඩි. තාමත් මේ සමාජයේ කුලය මුල් කරගෙන උස් පහත් භේදයක් තියෙනවා. සිංහල සමාජයේත් තියෙනවා.  දෙමළ සමාජයේ තියෙනවා. මුස්ලිම් සමාජයේ නැහැ. බොහොම දරුණු ප්‍රශ්නයක්. දරුණු ප්‍රශ්නය තියෙන්නෙ හුඟාක්ම පීඩිත අයට. 
 
 
හා අපි මේකට අයිති නෑ නේද අපිව පහත්  කොට නේද සලකන්නේ, ඒක මහා බරපතළ කතාවක් මේ අවුල තුළ එයාලට අවුලක් තියනවා. ඒ වගේම තමයි අපි එක් එක් ආගම් වලට අයත් ජනයා පිළිබඳ ප්‍රශ්නයේදී, අපි ඒ අයට සමාන මනුෂ්‍ය ගෞරවය තියෙන සමාන මනුෂ්‍ය අයිතිවාසිකම් තියෙන මිනිස්සු හැටියට අපි සැලකුවේ නැහැ. ඒ පීඩනය විශාල විදිහට මේ සමාජය තුළ තියෙනවා.  ඒවගේම තමයි දේශපාලන ක්‍රමය. අපි නිදහසේ ඉඳලම පොඩ්ඩක් අයාලේ ගිය රටක්. නිදහස ලැබෙන කොට ආසියාවේ අපි දෙවෙනි වුණේ ජපානයට පමණයි. අපි ඉතාම දියුණු රටක් ඒත් මේ පාලකයින් අතට රටේ සුක්කානම අහු උනාට පස්සේ අපි ගියේ උඩ නෙමෙයි හුඟක් පහලට. අපි දැනගෙන හිටියේ නැහැ ඉංග්‍රීසි පාලනය තුළ පවත්වාගෙන ගිය දියුණුව පවත්වාගෙන යෑමට අවශ්‍ය සංයමයක් අපේ නායකයන්ට තිබුණේ නැහැ.
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්