theleaderlk 01

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් අනුව ඇප මත මුදා මුදාහැරීමට

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත අද (23) නියෝග කළාය.


ඒ අනුව, සැකකාර සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කොට්ඨාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්,


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කරන බව දන්වා සිටියේය.


ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.


එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

 

එම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකාර සිරිධම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පැනවූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකී යුතු බවත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවත් නියෝගයේ සඳහන් කළාය.

 

ඉකුත් මාර්තු මස 31 වන දා සිට ජුලි මස 13 වන දා දක්වා කාල සීමාව තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නේය.


මෙම සිද්ධියේ තවත් සැකකරුවකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද නම් කර සිටින අතර ඔහු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


ඒ අනුව මෙම පැමිණිල්ල ලබන 12 වන දා යළි කැඳවීමට නියමිතය.


නවතම පුවත්