බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමානාත්මතාව ගැන නොව චතුරාර්ය සත්‍යය ගැන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (22)
පැවසීය.
දුක ගැන, දුක නැති කිරීම ගැන, ඒ සඳහා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කළේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා එබව සඳහන් කලේ , බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමානාත්මතාවය ගැන යයි ජවිපෙ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
පසුගිය කාලේ ඩුබායිහි ඇති ගිණුමක් ගැන සොයා බැලීමට ආණ්ඩුවෙන් කණ්ඩායමක් ගිය නමුත් එහි ප්‍රතිඵලයක් මෙතෙක් ලැබී නැතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ පැවසිය.
'' එක කාරණයක් මම පැහැදිලි කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ ජනාධිපති උපදේශක ජේ.සී. වැලිඅමුණගෙ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඩුබායිවලට ගියා. ඩුබායිවල ඒ ගැන හොයලා බලලා ලංකාවට පැමිණියා. නමුත් ඊට පස්සේ ඒ අය සම්බන්ධයෙන් පියවර ගත්තේ නැහැ. මගේ යටතේ නෙමෙයි ඒ අය හිටියේ '' යැයිද ජනාධිපතිවරයා කීවේය.
බුදු දහමේ පදනම චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍ය මත පදනම් වූ දුක නැති කිරීම සඳහා අෂ්ටාංගික මාර්ගය කියා දේ. බුදුන් වහන්සේ සමානාත්මතාව යැයි කියන්නේ සතර සංග්‍රහ වස්තුව ලෙස නම් කරන පිළිවෙත් අතරින් එකකි. ඒ අනුව අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් දුක අවසන් කළ හැකි බව බුදුන් වදාල දේශන මාර්ගයයි.
සමානාත්මතාවයක් ඇති කිරීම කළ හැක්කේ බුදුන් වහන්සේ පවසන ලෙස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට අෂ්ටාංගික මාර්ගයේ යෑමෙන් මිස සමානාත්මතාවය ඇති කිරීමෙන් නොවේ. ඒ කියන්නේ ක්‍රියාමාර්ගය අෂ්ටාංගික මාර්ගය බවයි. දුක නැති කිරීමට ක්‍රියාමාර්ග සමානාත්මතාවය බුදුන් වහන්සේ දේශනා කොට නැත. එය දුක නැති කිරීමට අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය පමණි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න