අයථා ලෙස යොදා ගන්නා බවට දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇති  ශ්‍රී ලංකාව තුළ දැනට බලාත්මක පොලිස් ආඥාපනත වෙනුවට නව පනතක් හදුන්වා දීම

කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.


ඔවුන් පවසන්නේ වර්තමාන සමාජ ප්‍රවනතා මත පදනම්ව ඒ සදහා නව පනතක් හදුන්වා දීමේ අවශ්‍යතාවය හදුනාගෙන ඇති බවයි.


" ඒ අනුව 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත වෙනුවට නව පනතක් හදුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි."

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නොවැම්බර් 21 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තිරණ වල වැඩිදුරටත් සදහන්ව ඇත්තේ දැනට බලාත්මක 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත මීට පෙර අවස්ථා 37 කදී සංශෝධනය වී ඇති බවයි. එකී ආඥාපනත නැවත සංශෝධනය කිරීම සදහා 2014 නොවැම්බර් මස 19 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී ඇත.

 

වර්තමාන සමාජ ප්‍රවනතා මත පදනම්ව නව පනතක් හදුන්වා දීමේ අවශ්‍යතාවය හදුනාගෙන ඇති බව රජය පැවසුවද එම නව ප්‍රවනතා කවරේදැයි කැබිනට් තීරණ වල පැහැදිලි කර නැත.


සිවිල් උද්ඝෝෂණ  වලදී  දී පොලිස් ආඥා පනත වැරදි ලෙස  යොදා ගන්නා බවට මානව හිමිකම් ක්‍රියාධරයන් පසු ගිය සමයේ පොලිසියට දැඩි චෝදනා එල්ල කර තිබුනි.


පසුගිය මාසයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැති බවට පොලිස්පතිට උපදෙස් දෙන ලෙසයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්