1200 x 80 DMirror

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06වැනිදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව 2022 ජුනි 10 වැනිදා සිදුවූ සිද්ධියකට අදාළව පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව එලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 89ක් රඳවා තබාගෙන හිඳ පසුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර උන්වහන්සේ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද පෙරවරුවේ නියෝග කළා ය. 

 
සබැඳි පුවත් :
ගල්වැව සිරිධම්ම හිමිට ඇප : නඩුව ගැන කතා තහනම් !

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය