කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී අනපේක්ෂිත පරාජයක

කටුක අත්දැකීම් විඳගන්නට ප්‍රබල ජර්මානු කණ්ඩායමට සිදුවුණා.

මෙහිදී මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි පෙරළිය සිදු කරමින් ප්‍රබල ජර්මානු කණ්ඩායම පරාජය කළේ ජපාන කණ්ඩායම විසින්.

තරගයේ ලකුණු සටහන දැක්වුණේ ජර්මානු කණ්ඩායම එක් ගෝලයක් සහ ජපාන කණ්ඩායම ගෝල දෙකක් වශයෙන්.

මෙම තරගයේදී ජයග්‍රහණයේ බලාපොරොත්තු සහිතව පිටියට පිවිසි ජර්මානු කණ්ඩායම තරගයේ 33 වැනි විනාඩියේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.

ඒ දඬුවම් පහර නිවැරදි ඉලක්කය වෙත යොමු කරනු ලැබුවේ ඉකායි ගුඅන්ඩොෆ් විසින්.

ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවූයේ ගෝල 1ට බිංදුවක් ලෙසින් ජර්මානු කණ්ඩායම පෙරමුණේ තබමින්.

නමුත් තරගයේ තෙවැනි භාගයේ හැත්තෑ පස් වැනි විනාඩිය ක්‍රියාත්මක වන විට ජපාන පෙර පෙළ ක්‍රීඩක රිට්සු ඩොඅන් ජපාන කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් ලකුණු තත්වය සම කලා.

අනතුරුව තරගයේ 83 වැනි විනාඩියේදී ටකුමා අසානෝ ජපානය වෙනුවෙන් දෙවැනි ගෝලයක් වාර්තා කළේ මෙවර ලෝක කුසලාන පාපන්දු තරග තරගාවලියේ දෙවැනි දැවැන්තම පෙරළිය සිදු කරමින්.

ඉන් අනතුරුව ජර්මානු කණ්ඩායම ලකුණු සංඛ්‍යාව සම කරන්නට හෝ තවත් ගෝලයක් වාර්තා කර ගැනීමට ප්‍රබල උත්සාහයක් දැරුවද නියමිත කාලය නිමා වන විට ඔවුන්ට එම උත්සාහය සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ අනුව තරගය නිමාවන විට ජපානය ගෝල දෙකක් සහ ජර්මානු කණ්ඩායම එක් ගෝලයක් රැස් කරගෙන සිටියේ ජපාන කණ්ඩායමට ඓතිහාසික ලෝක කුසලාන ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

මේ ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊ කාණ්ඩයේ පෙරමුණ ගන්නට ජපාන කණ්ඩායම සමත්වුණා.


( hirunews.lk)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්