කොළඹ 9, මැකාති පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයකු කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම

පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්දි කිරීමට ගොස් ඇති බව කී ජනක රත්නායක, එහිදී හිටපු අමාත්‍යවරයා විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති බව ද සඳහන් කළේය.

මෙම සිද්ධිය වූ ඊයේ (23) පස්වරුවේ ද විදුලි සේවකයන් නැවත එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දුන් බව ද ඔහු  වැඩි දුරටත් කීය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්