1200 x 80 DMirror

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර

තිබේ.


ඒ, පසුගිය පාකිස්තානු තරගාවලියේ දී තරග පාවාදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කර තිබූ චෝදනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.


ඒ අනුව දිවයිනට පැමිණෙන ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත.


පාකිස්තානය සමඟ ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයකින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම තරඟ පාවාදීමක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසිය.

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය