1200 x 80 DMirror

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ගෙන ආ පැකේජ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු

කුමාරතුංග ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරයි.


යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග ඊයේ  (23) පාර්ලිමේන්තුවේ දී මේ බව විමසා සිටියේ බල බෙදා හැරීමේ යෝජනාවලියක් සඳහා සියලු පක්ෂ එකඟ දැයි ජනාධිපතිවරයා සභාවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ය.


එයට හේතුව මේ රටේ බහුතර ජනතාව එම එකඟතාවලට අකමැති වීම බව, මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ලබා දෙන විසඳුමකට මිස ඉන් ඔබ්බට යන විසඳුම් සඳහා මේ රටේ ජනතාව එකඟ නොවනු ඇති බව ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේය.


මේ රටේ ත්‍රිවිධ හමුදාව සිය ජීවිත දහස් ගණනක් පූජා කළේ ඒකීය ලංකාවක් උදෙසා බව කියා සිටි මන්ත්‍රීවරයා, ''පාර්ලිමේන්තුවෙන් එළියේ මහජනයා ගේ එකඟතාව ලබාගත හැකි විසඳුමක් සොයමු'' යයි යෝජනාකර සිටියේය.

 

1669251504 2022.11.24

ඊයේ (23) පැවැති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  බලය බෙදීම සම්බන්ධයෙන් සියලු පක්ෂ සමග සාකච්ජා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය. එහිදී ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයන්ගේ නම්වලින් ආමන්ත්‍රණය කරමින් බලය බෙදීමට පක්ෂදැයි විමසා සිටීමට පියවර ගත්තේය.

 

එහිදී සුලු පක්ෂ නියෝජිතයන් ඊට කැමැත්ත ප්‍රකාශ කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද බලය බෙදීමට සියලු දෙනා එකග බව සදහන් කර සිටියේය.


කෙසේවෙතත් මෙහිදී කිරිඇල්ල පොහොට්ටුවේ ප්‍රධානීන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන ගෙන් බලය බෙදීමට එකගදැයි නමින්ම විමසා සිටීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.


මෙහිදී මහින්ද රාජපක්ෂත්, දිනේෂ් ගුණවර්ධනත් නිහඩව සිටිද්දී කිරිඇල්ල කියා සිටියේ, මොවුන් කිසි දිනෙක බලය බෙදා හැරීමට කැමැත්ත නොදැක්වූ කණ්ඩායමක් බවකි.


ගෙවිදු කුමාරතුංග ද වාදයට සම්බන්ධ වුයේ මේ අවස්ථාවේදීය. ඔහු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ බලය බෙදීමට සූදානම් වන්නේ ඒකීය රාජ්‍ය සංකල්පයේ සිටද, එසේත් නැතිනම් වෙනත් ආකාරයකටද යන්නය.


ඊට ජනාධිපතිවරයා ඍජු ‌පිළිතුරක් නොදුන් අතර ගෙවිදු කුමාරතුංග ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ රණවිරුවන් ජීවිත පුදා රට රැකගත්තේ ඒකීය නොවන රටක් වෙනුවෙන් නොවන බවත්, ඊට රටේ ජනතාවද එකග නැති බවත්ය.




WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය