ආණ්ඩුව වෙනස් කිරීම සදහා තවත් අරගලයකට ඉඩ නොතබන බව පවසන, ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළ ජනාධිපතිවරයා

යළිත් අරගලයක් ආරම්භ කළහොත් හමුදාව හා හදිසි නීතිය පනවා එය නතර කරන බවට අනතුරු අගවා සිටි.  


"අරගලයක් තව ඇති කරනවා ලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නේ නැහැ. ඩීන්ඩියම්ලට තැනක් නැහැ මේ රටේ."


අධ්‍යාපනය හා සෞඛ්‍යය අභිබවා රටේ ආරක්ෂාව වෙනුවෙන් ලබන වසර සදහා බිලියන ගණනින් මුදල් වෙන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ බව සදහන් කළේ නොවැම්බර් 23 වැනි බදාදා පාර්ලිමේන්තුවේදී  අදහස් දක්වමිනි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය මංගල අයවැය යෝජනාව නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 232 ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන්  රුපියල් බිලියන 322 ක් හා ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 410 ක් වෙන්කර තිබුනි.

 

පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත්  සදහන් කළේ පොලීසියෙන් ලබා ගත් බලපත්‍රයක් සහිතව විරෝධතා දක්වන්නන්ට තමන්ගෙන් බාධාවක් නොමැති බවයි. "පොලීසියට යන්න බලපත්‍රය ගන්න. ඔන තරම් පාරේ යන්න. ඔන තරම් කෑ ගහලා යන්න මං ඒකාධිපතියෙක් කියලා.  හිට්ලර්වාගේ ඒකාධිපතියෙක් කමක් නැ."

 

බලපත්‍රයක් නොමැතිව පාරේ සිදු කරන විරෝධතා නැවැත්වීමට පොලීසියට උපදෙස් ලබා දී ඇති පවසන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී තව දුරටත් සදහන් කළේ " එක එක නීතිඥයෝ ගිහින් කතා කරනවා මේ මහෙස්ත්‍රාත් උසාවියේ එහෙම.ඒක කරන්න බෑ. " යනුවෙනි.


අරගලය පිටුපස සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකය කුමාර් ගුනරත්නම්  බව පවසන ජනාධිපතිවරයා සදහන් කරන්නේ මේ වන විට රටේ ජනතාව ඔවුන් සමග නොමැති බවයි.


" දැන් මිනිස්සු රටේ නැනේ ඒ ගොල්ලෝ එක්ක. හැමදාම කෑ ගැහුවා කියලා.මාධ්‍යයෙන් හැදුවට.. දැන් හැදුව මාධ්‍යයත් කවුද කියලා බලමුකෝ. ගිනි තියන්න කිව්වේ කොයි මාධ්‍යයද කියලා බලමුකෝ. ඒකට මම හිතන්නේ කොමිෂන් සභාවක් මං පත්කරන්න ඉන්නේ. විභාග කරායින් පස්සේ."


යුද හමුදාව හා හදිසි නීතිය පනවා අරගල නතර කරන ආකාරය ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපති කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඹන්න,



 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්