නොවැම්බර් 23 සහ 24 දෙදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ මිලියන 22ක්

ජනතාවට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.


'' විශේෂයෙන් තවත් අරගල කරන්න හිතන්න එපා, හදිසි නීතිය දානවා, හමුදාව කැඳවනවා කියමින් කරන්නේ ඒ යුද්ධ ප්‍රකාශ කිරීම. රනිල් නීතිය රකිනවා, ව්‍යවස්ථාව රකිනවා කියමින් කරන්නේ ඒක කඩන එක. රනිල් කියන්නේ අරගල කරන්න දෙන්නෙත් නෑ, මැතිවරණයක් දෙන්නෙත් නෑ කියනවා. උද්ඝෝෂණය කිරීමේ අයිතිය වගේම තමන්ගේ ඡන්දය භාවිතා කර ආණ්ඩු වෙනස් කිරීමේ අයිතිය ජනතාවගේ අයිතිවාසිකම් බව ව්‍යවස්ථාවේත් ලියලා තියෙනවා. අරගල කරන්න දෙන්නෙත් නැතිනම් ඡන්දය දෙන්න ඉඩකුත් නැතිනම් ජනතාව කරන්න ඕන මොකක්ද? රනිල් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකද? ලංකාවේ ජනතාව ඒකට ලැස්ති නෑ. රනිලෝ ඒක දන්නවා. ඒ බයට ඔය කෑ ගහන්නේ. '' පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේය.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ සහ අද දෙදින සිය පක්ෂය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමිනි.

ඔහු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හැඳින්වුයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හා අත්තනෝමතික ප්‍රකාශ ලෙසිනි.

මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''රනිල් ගෙන් පර්මිට් අරන් උද්ඝෝෂණ කරන්න උද්ඝෝෂකයන්ට පිස්සු නෑ''

''රනිල් කියනවා උද්ඝෝෂණ කරනවානම් පර්මිට් අරන් කරන්නලු. ජනතාව උද්ඝෝෂණ අරගල කරන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ රනිල් රාජපක්ෂලා කරන තක්කඩිකම් වලට විරුද්ධව. උද්ඝෝෂණ කියන්නේ ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමක් සහ ජනතාවගේ බලය ප්‍රකාශ කිරීමක්. රනිල්ගෙන් පර්මිට් අරන් උද්ඝෝෂණ කරන්න උද්ඝෝෂකයන්ට පිස්සු නෑනේ, රනිල්ට වගේ. රාජපක්ෂලා හරි රනිල් හරි හිතාගෙන ඉන්නවා නම් ජනතාව උද්ඝෝෂණය කරන්න ඕනේ, ජනතාව අරගල කරන්න ඕනේ ඒ ගොල්ලො කියන විදිහට කියල, ඊට වඩා උමතුවක් තවත් නෑ. දැන් ජනතාව ඉස්සරහා ඉතුරුවෙලා තියෙන එකම විකල්පය අරගලය පණ ගැන්වීම විතරයි.

අරගලේ ගැන කියද්දී ඒක ගැන බොරු මඩ අවලාද ගණනාවක් ඊයේ රනිල්ගේ ප්‍රකාශයේ තිබුනා. උදාහරණයකට මැයි 9 රෑ ගැහුව ගැහුව ගැහුව ගෙවල් ගිනි තිබ්බ කියල නහයෙන් අඬනවා. මුලින් කියන්න ඕනෑ මේ අරගලය කොහොමද ආවෙ? අරගලේ ආවේ රාජපක්ෂ කල්ලිය එකතු වෙලා මුළු රටක ආර්ථිකය විනාශ කරද්දී. ඒක දැවැන්ත විනාශයක්. ලක්ෂ ගණන් ජනතාවගේ  ජීවනෝපායක් නැති වුනා. විදෙස් සංචිත හිඳීගෙන හිඳීගෙන හිදී ගෙන යද්දී ඒක මැද විදේශ විනිමය අනුපාතිකය වැඩි වෙන්න ඉඩ ඇරලා, රුපියල විශාල වශයෙන් බාල්දු වෙන්න ඉඩ ඇරලා උන්ඩියල් හා හවාලා වගේ නීති විරෝධී ක්‍රම වලට ඉඩ සැලසුවා. ඒක හරහා ඔය රාජපක්ෂ කල්ලිය ජාවාරම් කළා.

ඊට පස්සේ විදේශ විනිමය සංචිත මේ තරම් සිඳීගෙන යද්දි තියෙන ණය වාරිකත් ගෙවන්න බැරි වෙද්දි, මහා පරිමාන ණය අරගෙන එක එක සෝභන ව්‍යාපෘති හරහා මිනිස්සු අන්දන්න හැදුවා විතරක් නෙවෙයි ඒඒ හරහාත් හොරා කෑවා. එක පිස්සෙකුට ඉතිහාස ගත වෙන්න තියෙන වුවමනාවක් පාවිච්චි කරලා එක රැයින් පොහොර තහනම් කිරීම විසින් ශිෂ්ටාචාරයක් ලෙස ලංකාව විනාශ මුඛයට ඇද වැටුනා. අවුරුදු දහස් ගණනක් තිස්සේ ආපු කෘෂි ජීවන රටාව ඒක බිඳ වැටුනා. මුදල් මුද්‍රණය කිරීම හරහා උද්ධමනය වැඩිවෙනවා, මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා කියා කියද්දී කියද්දී ට්‍රිලියන් ගණන් මුදල් මුද්‍රණය කළා.

2022 වර්ෂය සඳහා ඖෂධ ආනයනය කරන්න 2021 නොවැම්බර් මාසයේ මුදල් වෙන් කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිද්දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සල්ලි නෑ කියලා බෙහෙත් ගෙන්වන එක නැවැත්වුවා. බෙහෙත් ගන්න එකට සල්ලි වෙන් කරන ඩොලර් නෑ  කියපු බැසිල්  ජනවාරි මස දෙවැනි සතියේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලට ඩොලර් මිලියන පන්සීයක් ගෙව්වා. ඊට පස්සේ තෙල් හිඟයක් ආවා. ගෑස් හිඟයක් ආවා.ගෑස් හිඟය ආපු වෙලාවේ අර  මුහුදු මංකොල්ලකාරයා දාලා ඒකෙනුත් හොරකම් කළා.

කොවිඩ් වසංගතය වෙලාවේ කොවිඩ් වසංගතයට අවශ්‍ය කරන උපකරණ ආනයනයේදී මහා පරිමාණ වංචා කළා.ඒක හෙළිදරව් වෙයි කියලා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ටික මැකුවා..ඊට පස්සේ අර කොහෙවත් තියෙන එක්ස්ප්රස් පර්ල් කියලා නැවක් ගෙන්නගෙන ඒක ගිනි අරගෙන පරිසරයත් විනාශ වෙලා ධීවරයාගේ ජීවිතත් විනාශ කළා.

 මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා ඒ ඔක්කොම මැද  එච්චර දේවල් වෙද්දී ජනතා මොකද කළේ? ජනතාව හන්දියට ඇවිල්ලා බෝඩ් එකක් උස්සගෙන හිටියා. ජනතාව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අදහසක් කිව්වා. උද්ඝෝෂණ කළා අරගල කළා කන්නලව් කරා ඇවිටිලි කළා. ලියුම් ලිව්වා මේවා කරන්න එපා කියලා ඉල්ලුවා.කුඹුරට ගිහිල්ලා පඹයන්  පිච්චුවා.ඊට පස්සෙ ගාළු මුවදොර පිටියට ඇවිල්ල එතන ළමයි ළපටි එක්ක පදිංචිවෙලා ඉඳගෙන  කිව්වා මේ අපරාධ කරන්න එපා කියලා. එච්චර එහෙම කරපු මිනිස්සුන්ට මැයි නව වැනිදා උදේ ගැහුවා.

රනිල් බබෙක් නෙවෙයිනේ රනිල්ට අප්පුඩි ගගහ හිටපු රාජපක්ෂලා බබ්බු නෙවෙයිනේ. ඇවිල්ලා ජනතාවට ගැහුවාට පස්සේ මොකක්ද කරන්නේ? ගැහුවාට පස්සේ ආයේ ගහනවා ඇරෙන්න ලංකාවේ ජනතාවට වෙන උත්තරයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ. වෙන මොකක්ද කරන්න? ඒ වෙනකොට ජනජීවිත ගිනි අරන් තිබුනේ, මිනිසුන්ගේ හදවත් ගිනි අරන් තිබුණේ. මුළු සමාජයක්, ලක්ෂ ගණන් ජන ජීවිත, ළමයි, ඒ අයගේ  අනාගතය,  මුළු රටක ආර්ථිකය සම්පූර්ණ ගිනි අරන් තිබුණා . රනිල් ගෙවල් ගිනි තිබ්බා කියකිය නහයෙන් අඬන්නේ ඒ ගින්න ගැන මොකුත් නොකියා.


විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනිතියන සංස්කෘතිය හැදුවේ කවුද? 1977 මැතිවරණය දිනපු වෙලාවෙ සති දෙකක් පොලිසියට නිවාඩු දීලා විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනි තිබ්බේ කවුද? ගම්පහ දිස්ත්රික්කයේ ජනතාව දන්නවා රනිල් වික්රමසිංහ කරපු අපරාධ. 83 කළු ජූලියේ ප්රචණ්ඩ ක්රියාවලට රනිල් වික්රමසිංහ සම්බන්ධ නැද්ද? එයාගේ පක්ෂය සම්බන්ධ නැද්ද? එතකොට ඒ ගිනි තිබ්බේ අර අහිංසක දමිළ ජාතික මිනිස්සුන්ගේ ගෙවල් කඩවල් නෙවෙයිද? පුද්ගලික දේපල නෙවෙයිද? එයාගේ ගෙදර පුස්තකාලය ගිනි ගත්තා කියලා අන්දන කෙනා යාපනේ පුස්තකාලේ ගිනි තියද්දී කල දේ අපි දන්නවා. ආසියාවේ තිබෙන ලොකුම වටිනාම පුස්තකාල ගිනි තියලා දැන් පොත් ගැන නං දොඩවනවා.  මුළු ඉතිහාසයක් පුරා එම සංස්කෘතියක් පවත්වාගෙන ඇවිල්ලා. ඒක හදලා දැන් ඇවිල්ලා කියනවා ගෙවල් ගිනි තිබ්බා කියලා.

ඒ අස්සේ ජුලි 9 ජනාධිපති මැදුරට වෙච්ච දේවල් කියලා පච කියනවා. මොනවද වෙලා තියෙන්නේ? ශීතකරණයේ තිබ්බ චොක්ලට් කාලා, සෝෆා එකේ වාඩිවෙලා ඒක කිළුටු වෙලා වගේ ඒවා කියන්නේ. පඩිපෙලේ ලොකු පිරිසක් නැගපු නිසා පඩිපෙළ අබලන් වෙලා,  ඔය වගේ බයිලා කියනවා. ජනාධිපති මන්දිරයේ ෆ්රිජ් එකේ තිබ්බ චොක්ලට් එකද ප්‍රශ්නය, මහ බැංකුව කඩපු එකද? මුළු රටක් විනාශ කළා. 

 
රනිල් එක්ක අත්වැල් බැඳගෙන එහා පැත්තෙ වාඩිවෙලා හිටපු හාදයා සුනාමි අරමුදල මංකොල්ල කෑවා. සුනාමිය ඇවිල්ලා ලංකාවේ ජනතාව දහස් ගණන් මැරිලා අවතැන් වෙලා හිටපු ඛේදවාචකයක් අස්සේ සල්ලි හොරකම් කරපු හොරා. ඒ ජාතියේ හොරු අත්වැල් බැඳගෙන ඇවිත් ජනතාවට චෝදනා කරනවාපොදු  දේපළ විනාශ වෙලා කියලා.

 
කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසියෙක්  නෙවෙයි
 
ගිනි තැබීම් වලට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධයි කියනවා. අපි සම්බන්ධ නම් නිකන් ඉදී මේ ගොල්ලෝ. මැයි 9 ඉඳලා මාස හයකුත් ගත වුනා. නිකන් හරි අපේ කවුරුහරි සම්බන්ධ නම් මේ ගොල්ලෝ ඔහොම බලාගෙන  ඉඳිද?  එයා ඔය පාර්ලිමේන්තුව කියව කියව ඉන්නෙ නෑ එහෙනම්.  රනිල් මේ අභියෝග කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නෙවෙයි අරගලයේ සිටි ලක්ෂ ගණන් ජනතාවට. කුමාර් ගුනරත්නම් සහෝදරයා ගැන විශාල බොරු අවලාද ගණනාවක් කිව්වා. ඔහු ද්විතීයික පුරවැසියෙක්ට කවුද කියලා කිව්වා. ද්විතීයික පුරවැසි කියලා ජාතියක් අපි නම් දන්නේ නෑ.  ද්විත්ව පුරවැසියෝ නම් දන්නවා. ්‍
 
 
බැසිල් රාජපක්ෂ වගේම කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසි කිව්වා. කුමාර් ගුනරත්නම් සහෝදරයා නිශ්චිතවම ලංකාවේ පුරවැසික්. ඔහුට ඔස්ට්රේලියානු පුරවැසි භාවයක් නෑ. රනිල් වික්රමසිංහ දන්නවා ඔහු ලංකාවේ පමණක් පුරවැසියෙක් බව.
 
 
බැසිල් රාජපක්ෂ වගේම කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසි කිව්වා. කුමාර් ගුනරත්නම් සහෝදරයා නිශ්චිතවම ලංකාවේ පුරවැසික්. ඔහුට ඔස්ට්රේලියානු පුරවැසි භාවයක් නෑ. රනිල් වික්රමසිංහ දන්නවා ඔහු ලංකාවේ පමණක් පුරවැසියෙක් බව. ඔහු ලංකාවෙන් යන්නේ ජීවත් වෙන්න නිදහස දේශපාලනය කරන්න ලංකාව තුළ නොතිබුණු  නිසා. රාජපක්ෂලා ඔහුව මරන්න ගිය නිසා. ඒ ගිහින් නැවත ඔහු නැවත දේශපාලනය කරන්න ලංකාවට ආවට පස්සේ රනිල් මොකද කලේ? රනිල් ඔහුව අවුරුද්දකට හිරේ දැම්මා.  ඔහුට ලංකාවේ පුරවැසිභාවය දෙන්න කියලා අවුරුද්දක් තිස්සේ කොටුව දුම්රියපොළ ඉස්සරහා අපේ පක්ෂ සාමාජික විතරක් නෙවෙයි විවිධ මහජන සංවිධාන, මානව හිමිකම් සුරකින සංවිධාන මේ ඔක්කොම සත්‍යග්‍රහ කළා. එහෙම පුරවැසිකම ගත්තේ. 
 
එතකොට අගමැති රනිල් වික්‍රමසිංහ. ඔහු හොඳට දන්නවා කුමාර් සහෝදරයා ද්විත්ව පුරවැසික් නෙවෙයි කියලා. අර පැත්තක ඉඳගෙන අත්පුඩි ගහමින් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනත් දන්නවා. එයා ඒ දවස් වල මේ පුරවැසි ප්‍රශ්නය පාර්ලිමේන්තුවේත් කතා කලා. හොඳට දැනගෙන පාර්ලිමේන්තුවට බොරු  කියන මුලාවේ දාන, පච ගහන මේ හාදයන්ට මොකක්ද කරන්න?
 
රනිල් නැවත පරණ සෙල්ලම පටන්ගන්නද යන්නෙ?
 
අද උදේ රනිල් ශ්රේෂ්ඨාධිකරණයට තර්ජනය කළා.  රනිල්ගේ මාමා ජේ ආර්. ජයවර්ධන තමන්ට පක්ෂපාතී තීන්දු නොදුන්න නඩු කාරයන්ගෙ ගෙවල් ඉස්සරහට ගෝනවල සුනිල්ලා වගේ පාතාල මැරයෝ යවලා හූ කිව්වා.විනිශ්චයකාරවරුන්ට මරණ තර්ජන එල්ල කළා. දැන් අද රනිල් ඒ සෙල්ලම ආපහු පටන් ගන්නද යන්නේ?  නීතිපතිට තියෙනවා කිව්වා පොලිස් නිලධාරීන්ට විරුද්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් අවලංගු කරන පැත්තෙන් පෙනී ඉන්න. එයා කොහොමද නීතිපතිට එහෙම කියන්නේ?  මානව හිමිකම් කොමිසමට තර්ජනය කළා. මානව හිමිකම් කොමිසමට දැන් පොඩ්ඩකට කලින් රනිල් කිව්වාඑක එක ඒවාට ඇඟිලි ගහන්න යන්න එපා කියලා.  
 
පාර්ලිමේන්තු වරප්රසාද ජනාධිපති බලය පාවිච්චි කරලා  අන්තිම පාදඩ විදිහට මාධ්යවලට තර්ජනය කළා. සිරස නාලිකාවේ නම කියලා තර්ජනය කළා.  ඊට පස්සේ මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට  බැණ වැදුණා. හියුමන් රයිට්ස් ඩිපෙන්ඩර්ස්  කියලා කට්ටියක් ඉන්නවා, අපි නම් දන්නේ  ඩීසල් ගහන ඩිෆෙන්ඩර් විතරයි කිව්වා. එයා දන්නෙ  අර එයාගේ රාජ්ය ඇමති පට්ටම් දුන්න ඔඩොක්කු කුක්කෝ සෙට් එකට බෙදල දුන්න ඩිෆෙන්ඩර් ගැන විතරයි. එයා ආරක්ෂා කරන්නේ මැරයන්, තක්කඩින්, හොරුන්, මිනීමරුවන්. මේ වගේ හාදයෙක් රනිල් කියන්නේ. එයා  අද පෙන්වා දුන්නා ජනාධිපති වෙන්න නෙවෙයි, මන්ත්‍රීවරයෙක් වෙන්නවත් එයා සුදුසු නෑ කියලා කොළඹ දිස්ත්රික්කයේ ජනතාව 2020 මහ මැතිවරණයෙදී  ගත්ත තීරණය හරියට හරි කියලා.
 
මේ කැඳවලා තියෙන්නේ ජනතාවට එරෙහි යුද්ධයක් කියන එක හරි නිශ්චිතයි. මේ යුද්ධය කැඳවලා තියෙන්නේ පෙරටුගාමි සමාජවාදි පක්ෂයට එරෙහි යුද්ධයක් නෙවෙයි, අපේ නම් කිව්වට අපි ඕවට කලබල වෙන්නෙ නෑ. මේ මිලියන 22කට එරෙහි යුද්ධයක්. 
 
එයා හිට්ලර් කියලා හිතාගෙන ඉන්නේ.  මීට කලිනුත් හිට්ලර් වෙන්න හිතා ගන්න කෙනෙක් හිටියා. අර වෙඬරුවේ උපාලි හාමුදුරුවෝ කිව්වා දැන් ලංකාවට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා. ඒ වෙලාවේ අපිට මතකයි ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලයේ රාජ්යතාන්ත්රික නිලධාරීන්දැඩි ලෙස විරෝධය පෑවා, කිසිම රටකට හිට්ලර් කෙනෙක් ඕන නෑ කියලා.  හිට්ලර් කියන්නේ එයා හිතන් ඉන්න විදියේ  මහා හපන් නෙවෙයි. ඒක ලෝකෙ මීට අවුරුදු අසූවකට විතර කලින් පිළිකෙව් කරපු, ප්රතික්ෂේප කරපු, ඉතිහාසයේ නැවත සිදු නොවිය යුතු දෙයක් කියලානම් කරපු භූමිකාවක්. අපි එයාට මතක් කරනවා හිට්ලර්ට අන්තිමට මැරෙන්න වුණේ පොළොව යට ගුහාවක තමන්ම ඔළුවට වෙඩි තියාගෙන තමයි මැරෙන්න සිද්ධ වුණේ කියලා.  
 
රනිල් වික්රමසිංහ මතක තියා ගත්තනම් හොදයි ඔයිට වඩා ලොකු වීරයෝ කියල හිතාගෙන හිටපු, ඔයිට වඩා ලොකු ඒකාධිපතියෝ කියලා හිතාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂ වගේ අයත් අන්තිමට ඇඳි වතත් අහිමිව පැනලා ගියා කියන එක.
 
 
මේ යුද්ධය කඳවුරු දෙකක් අතර යුද්ධයක්
අරගලය කියන්නේ ඉතිහාසයේ විශිෂ්ට ක්රියාවක්. අපි මේ ජන අරගලය ආරක්ෂා කරනවා. කොච්චර අති විශිෂ්ඨ ක්රියාවක් වුනත් ඊළඟ පියවරට යන්න ඕන. අසම්පූර්ණ අරගලයක් කියන්නෙ පරාජිත අරගලයක්. අරගලය සම්පූර්ණ කරන්න ඕන, අරගල ඊළඟ පියවර තියන්න ඕන. 
 
මේ යුද්ධය කඳවුරු දෙකක් අතර යුද්ධයක්. එක කඳවුරක සමස්ත වැඩකරන ජනතාව. අනෙක් පැත්තේ හොරු, මංකොල්ලකාරයෝ, මූල්‍ය ජාවාරම්කාරයෝ, මිනීමරුවෝ, බල පෙරේතයෝ, පිස්සෝ සහ තක්කඩි ටික.  මෙන්න මේ තක්කඩින්ව පරාජය කිරීම සඳහා ජනතාවගේ කඳවුර ශක්තිමත්ව ගොඩ නගමු. අරගලය කියන්නේ ඉතිහාසයේ විශිෂ්ට ක්රියාවක්. අපි මේ ජන අරගලය ආරක්ෂා කරනවා. කොච්චර අති විශිෂ්ඨ ක්රියාවක් වුනත් ඊළඟ පියවරට යන්න ඕන. අසම්පූර්ණ අරගලයක් කියන්නෙ පරාජිත අරගලයක්. අරගලය සම්පූර්ණ කරන්න ඕන, අරගල ඊළඟ පියවර තියන්න ඕන. 
 
රනිල් වික්රමසිංහ ඔය බයේ වෙවුල වෙවුල මොනවා කිව්වත් ඒක තමයි වෙන්නේ. ඔය කලිසමේ චූ ගිහින් පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ.  එයා දන්නවා හෙට අනිද්දාට මොකක්ද එයාට වෙන්න නියමිත කියලා.  ඒක දැනගෙන තමයි ඔය කෑගැහුවේ. ඕකට කලබල වෙන්න එපා. ඒ වෙනුවට ජනතාවගේ බලය පෙන්නමු. දේශපාලන විද්යා පොත්වල ලියලා තියෙනවා සියලු බලයේ උල්පත ජනතාවයි කියලා. මේ අවුරුද්දේ එක සැරයක් දෙසැරයක් ජනතාව ඒක ඔප්පු කරලා පෙන්නුවා. මේ ගොල්ලෝ හදන්නේ ජනතාව සියලු බලයන්ගෙන් පීඩාවට පත්වන වින්දිතයෝ කරන්න. එකට ඉඩ දෙන්න එපා.  
 
අපි ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා, පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ තර්ජන ගර්ජන අවලාද ඉදිරියේ  නිහඬව ඉන්න එපා. සියලු බලයේ උල්පත ජනතාව කියලා ඔප්පු කරලා පෙන්නමු. ජන බලය ඉදිරියේ ඔය කොයි එකාධිපතියත් කැනහිලෙක් විතරයි කියලා ඔප්පු කරලා පෙන්වමු.  2022 අවුරුද්ද විතරක් නෙවෙයි 2023 අවුරුද්දත් ලෝක ඉතිහාසයේ ස්වර්ණමය අකුරෙන් ලියවෙන අවුරුදු බවට පත් කරමු.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්