ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගිවිසුමක් තිබේදැයි සැකයක්
මතුවන බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.
ඔහු එබව ප්‍රකාශකර සිටියේ, කොළඹදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදීය.
'' ජනාධිපති රනිල්, කුමාර් ගුණරත්නම්ට ගැහුවත් අනුර කුමාරලට ගහන්නේ නෑ, පාර්ලිමේන්තුව වටකරන්න කියලා කිව්වේ ජවිපෙ! , ගිනිතියන්න කියලා කතාවකුත් ගියා! හැබැයි ජනාධිපති ජවිපෙට ගහන්නේ නෑ! මේ රතු අලි පැටව් එක්ක තියෙන ඩීල් එකද? '' සජබ මාධ්‍ය ප්‍රකාශකය ප්‍රශ්න කළේය.
''අලියෙක් ඉවර කරපු මිනිහෙකුට පොහොට්ටුවක් ඉවර කරන එක මහ කජ්ජක් නෙමෙයි'' යයි ද ඔහු කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
මේ රතු අලි පැටව් එක්ක තියෙන ඩීල් එකද?
'' 8 වන ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දේශපාලන පක්ෂවලට, මාධ්‍ය ආයතන වලට, සිවිල් පුරවැසියන්ට කරපු තර්ජනය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම එතුමා ව්‍යවස්ථාව ගැන එතුමාට ඕන ඕන අර්ථකථන දුන්නට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම පුරවැසියෙකුට කතා කිරීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රැස්වීමේ නිදහස අනිවාර්යයෙන් තියනවා.
ඉතිං ඒ නිසා ජනතාව ඉතාම දුක්බරව ජීවත් වෙනකොට ළමයින්ට කන්න දීගන්න නැති වෙනකොට, ඉස්කෝලේ යවන්න පෙළපොත් ටික ගන්න බැරි වෙනකොට පෑන් පැන්සල් ටික ගන්න බැරි වෙනකොට, සපත්තු කුට්ටමක් ඉස්කුල් බෑග් එක ගන්න බැරිවෙනකොට, ගන්න ආදායමෙන් ජීවත් වෙන්න බැරි වෙනකොට ලක්ෂ ගණනක් මිනිස්සුන්ගෙ රස්සාවල් නැති වෙනකොට, ණය අරගෙන රට නන්නත්තාර කරනකොට, ඒ වගේම බදු පිට බදු ගහලා මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන්න හදනවා නම් පාලකයෝ, ඒකට විරුද්ධව තමන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට ජනතාවට තියෙන අයිතිය සාධාරණ අයිතියක්. ප්‍රශ්න කරන්න හෝ තර්ජනය කරල යටපත් කරන්න කාටවත් බෑ.
අපි මහපාරෙදි බලාගමු!
අට වන ජනාධිපතිතුමාට අපි කියනවා ඔබතුමා ඕන උගුලක් අටවන්න ලෑස්ති වෙන්න. අපිට තේරෙන්නේ ඔබතුමා බය වෙලා ඉන්නෙ. ඕන උගුලක් අටවන්න. අපි එනවා. අපි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට එනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදීව බලන්නෙ නැත්තං, බදු පිට බදු ගහලා මිනිස්සුන්ව මරන්න හදනවා නම්, බදු අනුපාතය සාධාරණ මට්ටමකට ගෙනාවේ නැත්නම්, ලමයින්ගේ පෙළපොත් ගන්න පුළුවන් වටාපිටාවක් හදලා දුන් නැත්තං අපි පැහැදිලිවම එනවා. පුලුවන්නම් නවත්තන්න.
එනිසා එක දෙයක් තේරුම් ගන්න ඕනේ ...රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකාවේ සදාකාලික ජනාධිපතිවරයා නෙමෙයි. හමුදාවේ නිලධාරී මහත්වරුනි පොලිසියේ නිලධාරී මහත්වරුනි, ඔබතුමන්ලා රජයේ පඩි ගන්න සේවකයෝ. ඔයාලගේ ගෙවල්වල ඉන්න බිරින්දෑවරුන්ගෙන් අහලා බලන්න ඒ බිරින්ඳෑවරු කුස්සිය කළමනාකරණය කරන්නේ කොහොමද? දරුවන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද?
ඒ නිසා මේ ජනාධිපතිවරයා හෝ මේ ආණ්ඩුවෙ කවුරුහරි දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කෙරුවොත්, එන අවුරුද්දේ ආණ්ඩු පෙරලියක් එනවා කියලා
පැහැදිලිව කියන්න ඕන. අපි ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ නෑ. මන්ත්‍රීවරු මරන්න ගෙවල් ගිනි තියන්න මිනිස්සුන්ට ගහන්න, අපි ඒ ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරනවා, හෙලා දකිනවා, දායකත්වයක් ලබා දෙන්න සහයෝගය ලබා දෙන්නේ නෑ. නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහනම් කරන්න, හමුදාවට එහෙම එකක් නෑ. දැන් ජනාධිපතිතුමා කියනවා විහිළුවට වගේ "මට දැන් හිට්ලර් වගේ කියනවා" කියලා. ඇත්තටම එයා හිට්ලර් වගේ රඟන්න හදනවා. හිට්ලර් වගේ රඟන්න හැදුවට හිට්ලර් වගේ රඟන්න බෑ එයාට. අපි දන්නවා නේ එයාට කරන්න පුළුවන් දේවල් මොකක්ද කියලා. එයා දන්නවා අපිටත් කරන්න පුලුවන් මොකක්ද කියලා. ඒ නිසා අපි මහපාරට එනවා. මහපාරට ඇවිත් බලාගමු මොනවද කරන්නේ කියලා.
''පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීලව චූන් කරන්න නිකං හිතළු කියනවා ''
දෙවෙනි එක තමයි එතුමා මාධ්‍ය ආයතන වලට තර්ජනය කරනවා. කොමිෂන් දානවලු ඕන කොමිසමක් දාන්ඩ. මාධ්‍ය ආයතන නෙමේ, කවුරු හරි වැරැද්දක් කලානම් දඬුවමක් දෙන්න. හැබැයි, බොරුවට බය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි දැක්කනෙ එයා ආණ්ඩුවෙ ඉන්න කාලේ, මාධ්‍ය ආයතන දෙකක් මුසාවෙන් මුලාවෙන් ප්‍රෝඩාවෙන්, ඒ ආණ්ඩුවට විරුද්ධව මිනිසුන් පෙළගස්වන කොට මොකුත් කරන්න බැරි වුණා අගමැති කාලේ. ඒ කාලේ එහෙම කළා නම් අද මොකුත් නැහැ නේ. ඒ නිසා නිකං හිතළු කියනවා පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීලව චූන් කරන්න.
ඒ නිසා ජනාධිපතිතුමාට එක දෙයක් තේරෙන්නේ නැහැ. මේ ජනතාව බලාපොරොත්තු වුනේ ජාත්‍යන්තර අරමුදලට ගිහිල්ලා, ණය ලබා දුන්න හය හිමියන්ට එක්ක කතා කරලා ණය ප්‍රතිව්‍යුහගත කරලා මේ රටේ ආර්ථිකය යම් මට්ටමකට ගේන්න කියන එක. මෙයා මේ වගේ ප්‍රකාශ කරලා මාධ්‍යයන්ට තර්ජනය කරලා, ජනතාවට තර්ජනය කරලා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා, හමුදා අනුඛණ්ඩ දාල ඒකාධිපතියෙක් වගේ හැසිරෙන්න රටේ පාර්ලිමේන්තුවට ඇවිල්ල කිවුවහම මේ රටේ පුරවැසි නිදහස නැහැ කියන එක ජාත්‍යන්තරය පිළිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසි නිදහස නැත්නම් නැත්තං ඒගොල්ලො මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා දෙයිද? ඒ නිසා පට්ටපල් බොරු කියන්නෙ මේ ආණ්ඩුවෙ ඉන්න කට්ටිය, මහ බැංකුවේ කට්ටියයි. මේ දෙසැම්බර් හම්බ වෙනවා කිව්වා ප්‍රතිව්‍යුහගත කිරීම. දෙසැම්බර් හම්බ වෙන්නේ නෑ. මාර්තු වෙනකල් යනවා. හේතුව මේ ජනාධිපති වරයාගේ උද්දච්ච ක්‍රියාපිළිවෙත හින්දා.
අනිත් එක ජාත්‍යන්තරයත් එක්ක සාකච්ඡා කරන්න යන්ඩ ඕනේ ඒ පිළිබඳ දැනුමක් තියෙන කට්ටිය නේ. අර අනුරාධපුරේ ශෙහාන් සේමසිංහට පුලුවන් ද ජාත්‍යන්තර අරමුදලත් එක්ක කතා කරල ණය ප්‍රතිව්‍යුහගත කරන්න? ඩොලර් බිලියන 54ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න එවැනි කණ්ඩායමක් දාන්න ඕන. ඒ නිසා විපක්ෂයේ අපේ සහයෝගය ගන්න නම් ඔහොම තර්ජනය කරලා නම් ඒක කරන්න හම්බ වෙන්නේ නෑ.
''අලියෙක් ඉවර කරපු මිනිහෙකුට පොහොට්ටුවක් ඉවර කරන එක මහ කජ්ජක් නෙමෙයි''
එතුමා තව වැඩක් කරනවා. බොරුවට ජනතාවට පේන්න සමගි ජන බලවේගයේ සහයෝගය ඉල්ලනවා. ඉල්ලන ගමන් සජිත් ප්‍රේමදාස මහත්මයාට ෂොට් එකක් දෙන්න ට්‍රයි කරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ තමයි ජනතාකරණය ගෙනාවේ. අරක ගෙනාවෙ මේක ගෙනාවේ කියලා. ඔව් එතුමාගේ කාලයේ තමයි ඇඟලුම් කම්හල් ගෙන ආවේ. අද අවුරුද්දකට ඩොලර් බිලියන දාහතරක නැත්නම් ඩොලර් මිලියන දාහතර දාහක ආදායමක් ලංකාවට එන්නේ ඒකෙන් තමයි බෙහෙත් ටික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික හරි මේ වෙලාවේ ගෙන්නන්නේ. ඒව කතා කරන්නෙ නෑ. පාඩු ලබන ආයතන ප්රතිව්යුහගත කරන්න ඕන. අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ ඒ නිසා එහෙම සමගි ජන බලවේගය හෝ විපක්ෂයේ සහයෝගය ගන්නනම් උගුල් අටවලා ඒක කරන්න වෙන්නේ නෑ කියලා අපි උගුල් අටවන ජනාධිපතිවරයා ට කියන්න ඕන.
මට නෝට් උන තව දෙයක් තියෙනවා. මම කිසිසේත්ම කුමාර් ගුණරත්නම් හෝ පෙරටුගාමීන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. හැබැයි එතුමා කුමාර් ගුණරත්නම්ට සහ පෙරටුගාමීන්ට ගහනවා, උද්ඝෝෂණය කරපු ජනතා විමුක්ති පෙරමුණට වචනයක්වත් කියන්නේ නැහැ. පාර්ලිමේන්තුව ගාවට ගියේ ජනතා විමුක්ති පෙරමුණ. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියලා කතාවක් ගියා, එතෙන්ට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ අය. ඉතිං ඒ අය ගැන කතා කරන්නේ නැහැ නේ. එතකොට මේ රතු අලි පැටව් එක්ක තියෙන ඩීල් එකද එළි වුණේ කියන එක මට හිතාගන්න බැහැ.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න