ක්‍රිකට් ක්‍රීඩාව තුළ අර්බුද රැසක් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එම අර්බුද සම්බන්ධයෙන් ළඟදීම දැඩි තීන්දු ගන්නා බව අමාත්‍යවරයා පවසා සිටියේ, 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගය සමඟ එක්වෙමිනි.

ක්‍රිකට් කණ්ඩායමට ආගමික නිකායන්ගේ බලපෑම්, කණ්ඩායම් තෝරාගැනීමේ අර්බුද, ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය නොමැතිව ක්‍රීඩා කිරීම හා චාමික කරුණාරත්නගේ සැබෑ ගැටලුව පිළිබඳ 'නෙත් නිවුස් ' කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා බරපතල කාරණා ගණනාවක්ම ප්‍රකාශ කළේය.

 

 

 



ප්‍රබල දේශපාලනඥයකුගේ බිරිඳක් බෝනගේන් ප්‍රචාරය කරමින් සිටින බවත්, බෝනගේන් වුණු ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් සිටින බවත් නෙත් නිව්ස් 'කනින් කොනින්'  වැඩසටහන මගින් අනාවරණය කර තිබිණ.

 
රට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදය හමුවේ අතිශය බහුතර ජනතාවක් අසරණව සිටින මොහොතක යලිත් වතාවක් ජාතිවාදය - ආගම්වාදය උසිගන්නවමින් ජනතාව සැබෑ ප්‍රශ්න යට ගැසීමේ ප්‍රචාරක මෙහෙයුමක් දියත්වෙමින් තිබෙනබව මේවනවිට පැහැදිලිව නිරීක්ෂණය වේ.


සබැඳි පුවත් :

බෝනගේන් ප්‍රචාරය කරන ප්‍රබල දේශපාලකයාගේ බිරිඳ!

චාමික ගැටුමකට මුලපුරයි ! - ක්‍රීඩා ඇමතිගේ අත්සන නැතුව එක්දින සංචිතය ප්‍රසිද්ධ කරයි

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්