පොලිස්පතිවරයා (IGP) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන වීඩියෝ පටයේ සදහන් කරුණු

තරයේ ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියි.


අරගලයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ මනෝජ් නානායක්කාර විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ පටයක් විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍යවල මේ දිනවල ප්‍රචාරය වෙමින් පවතී.

මෙම වීඩියෝවෙහි ප්‍රකාශ කරන ආකාරයට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇති අතර එසේ අත්අඩංගුවට ගතහොත් ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නොහැකි බවට පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධව පොලිස්පතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර ඇති බවටත් නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි.

ඉහත නීතිඥවරයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලබන බවත්, එවැනි නියෝග ලබා දීමක්, ප්‍රතික්ෂේප කිරීමක් හෝ පැමිණිලි කිරීමක් යන කරුණු කිසිවක් සිදුවී නොමැති බව පොලිස් මාධ්‍ය එකකට සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම පිළිබඳව තීරණය කරනු ලබන්නේ ඔහුට එරෙහිව පවතින චෝදනාව පිළිබඳ නිසි විමර්ශනයක් පවත්වා කරුණු තහවුරු වීමකින් පසුව බව ද එම නිවේදනයේ සඳහන් වේ.

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්