‘උත්තර ලංකා සභාගයේ නුවරඑළිය සම්ප්‍රාප්තිය' නමින් සම්මන්ත්‍රණයක් අද (27) හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේදී සංවිධාන කර තිබුණි.
කෙසේවෙතත් එම සම්මන්ත්‍රණය සඳහා සූදානම් කර තිබූ ශාලාව වෙත අද අලුයම පැමිණි කිසියම් පිරිසක් එහි තිබු පුවරු බිම දමා විනාශ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගයේ සංවිධායකවරුන් හඟුරන්කෙත පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායකගේ සොහොයුරා වන සමගි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක මෙලෙස පැමිණ පුවරු විනාශ කර තිබූ බවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් පෙර සූදානම් කර තිබූ ආකාරයෙන්ම අද රැස්වීම පැවැත්වුණේ උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙනි.
View the embedded image gallery online at:
http://theleader.lk/news/14379-2022-11-27-17-04-38#sigProId9c0d3ae514
http://theleader.lk/news/14379-2022-11-27-17-04-38#sigProId9c0d3ae514
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න