පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ සැකකාර ප්‍රධානින් වංචා කරන ලද මුදල්වලින්
ජාත්‍යන්තර ඩොලර් මිලදී ගැනීම මෙන්ම මෙරට රාජ්‍ය ආයතනවල ද මුදල් ආයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධියට අදාළ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා වීසා ලබා ලබාගැනීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් රුපියල් බිලියන 1.44 ක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබී සොයා ගත් බවත් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ හංස අබේරත්න මෙම දැනුම් දීම සිදු කර තිබේ.
මෙම සැකකරුවන් රුපියල් බිලියන පහළොවකට අධික මුදල් වංචාවෙන් සැකකරුවන් මිලදී ගත් දේපල සම්බන්ධ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන බව මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 8 දෙනාගෙන් කිහිප දෙනෙක්ම සුපිරි නිවාස සංකීර්ණයන් හි නිවාස මිලට ගෙන ඇති බවත් තවත් අය රුපියල් ලක්ෂ සියයකට අධික මුදල් වැය කරමින් නිවාස ඉදිකරගෙන ඇති බවත් අධිකරණයට දැනුම් දුන් රජයේ නීතිඥවරයා, සැකකරුවන් මිලදී ගත් සුපිරි වාහන එකොළහක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බවය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත සිටි පළමුවන සැකකරු වන අමල් කීර්ති බණ්ඩාර නමැත්තාද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(llankadeepa.lk)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න