ගොඩයමු සාමූහිකයේ රැස්වීමකට අභීත එදිරිසිංහ ආපු එක අරගල සාමාජිකයො කීපදෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබුණ.



සාමාන්‍යයෙන් ගොඩයමු රැස්වීමක් පවත්වද්දි පළාතෙ සියලු පක්ෂ කාර්යාලවලට, සමාජ සංවිධානවලට දැනුම්දීමක් කරනවා. අභීත සහභාගි වුනේ සමාජ මාධ්‍යවලට විශේෂයෙන් ආරාධනා කරපු තේමා ගීතය සහ චමින්ද වාස්ගේ ප්‍රකාශනය එළිදැක්වීමේ දවසෙදි.


මේ සමාජ මාධ්‍ය සමහරක් ඒ ආරාධනාවට දක්වපු ප්‍රතිචාර හිනායනසුලුයි. මාධ්‍යයක් වශයෙන් තමන්ගේ වගකීම මොකක්ද කියල නොදැන හුදු අරගල මාන්නයෙන් ආරාධනාව ප්‍රතික්ෂේප කරපු මාධ්‍ය බොහොමයි. ඒ අයට අනුව මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාකච්ඡාවකට සහභාගි වීම පවා රනිල්ට කඩේ යාමක්  වුනා.


මේ අතර අභීතලා මේ ආරාධනාව බාරගන්න තරමට පරිණත වෙලා තියෙනවා. රාජපක්ෂලාට සම්පූර්ණයෙන්ම විරුද්ධව වැඩ කරපු සමූහයක් ඉන්න තැනකට ඇවිත් අපිව ප්‍රශ්න කරන්නත්, ඒ ගැන තමන්ට දැනෙන දේ ලියන්නත් අභීතලාට පුළුවන්. ඒක අරගලේ ‍බොළඳ පරපුරට පිහිටලා නැති දෙයක්. ඒ විතරක් නෙමෙයි එහෙම අභීත ආපු එක ගැනත් විස්සෝප වෙන තරමට අරගලය බාල වෙලා තියෙනවා.

 

ගොඩයමු සාමූහිකයේ රැස්වීම්වලට එන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒ වගේම ඒ රැස්වීම්වලට පොහොට්ටුවෙ අය සහභාගි වෙනවා නම් අපි වඩාත් කැමතියි. ලක්ෂ 69ක මේ රටේ බහුතරයක් පොහොට්ටු පාක්ෂිකයො. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න නම් බහුතරයේ සහාය නැතුව බෑ.

 

අභීතලා එනවා නම් මේ අයටත් එන්න කියන්න කියල තවත් පොහොට්ටුවෙ ලැයිස්තුවකුත් ෆේස්බුක් එකේ තිබුන. ඊළග රැස්වීම් වාරයට මේ අයට විශේෂයෙන් ආරධනා කරනවා වගේම තවත් මේ වගේ අමතක වුනු නම් තියෙනවා නම් මතක් කරන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි.


පොහොට්ටු පාක්ෂිකයන් විසින් ගොඩයමු රැස්වීමක් සංවිධානය කළත් අපි ඒකට යනවා. රටේ ප්‍රතිසංස්කරණ ගැන අපේ යෝජනා අපි කියනවා. සංවාද කරනවා. පොහොට්ටුවට විතරක් නෙමෙයි ජවිපෙ, සජබෙ ආදී පාර්ලිමේන්තුව පිළිගන්න ඕනම පක්ෂයක් ගොඩයමු රැස්වීමක් සංවිධානය කරනවා නම් අපි ස්තුතිවන්ත වෙනවා.


මේ වෙලාවෙ පොහොට්ටුවට තියෙන විවෘතභාවයවත් අනෙක් පක්ෂ සහ අරගල පාර්ශ්ව වලට නැති වීම ඇත්තටම අවාසනාවක්.

#godayamu


රනිල්ගේ අයවැයට හුළං ගැහීම - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්