ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20

වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


එහිදී බැසිල් රාජපක්ෂ සහ ඒ මහතාගේ බිරිද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ද, තේ පැන් සංග්‍රහය සඳහා මුදල් ද, ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් සාගර කාරියවසම් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.


''පිටත්වීමේදී හෝ පැමිණීමේදී ඕනෑම ගුවන් මගියෙකුට කටුනායක ගුවන්තොටුපලෙහි ප්‍රභූ පර්යන්තය මුදල් ගෙවා භාවිත කල හැකි බව අප සැම දන්නා කරුණකි. එබැවින් එය කිසිසේත්ම අනීතික හෝ අසම්මත සිදුවීමක් නොවේ.'' යයි ද එම නිවේදනයේ සඳහන් වේ.


බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන්තොටුපොල පරිශ්‍රය භාවිත කිරීමේදී රජයට හෝ වෙනත් ආයතනයකට කිසිදු ආකාරයක  අලාභයක් හෝ අකටයුතු දෙයක් සිදුවී නොමැති බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

IMG 9928

IMG 9929

IMG 9930

IMG 9931

IMG 9932


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්