මැයි 09 වන ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නැයි

ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් නීතිඥවරයෙක් විසින් ඉදිරිපත් කර තිබේ.


පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුලු පාර්ශවයන් කිහිපයක් වගඋත්තරකරුවන් කරමින් එකී පෙත්සම නික්ලෝ ඇසෝසියේට් නීතිඥ සමාගම මගින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ නීතිඥ රාමලිංගම් රංජන් විසිනි.


ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, අශාන් නානායක්කාර සහ ඉෆ්ෆත් සහාබ්දීන් පෙත්සම්කරුගේ නීතිඥවරුන් වශයෙන් කටයුතු කරයි. මෙම නඩුව හෙට දිනයේදී නොතීසි සඳහා කරුණු තහවුරු කිරීමට නියමිතව ඇත.


රිට් පෙත්සම මෙතනින්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්