මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ

බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා ආපසු පියා සමග ආපසු එමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇති බව පොලීසිය කියයි.

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.

මෙම මැරයා විසින් සිසුවා ඇදගෙන ගොස් සිරුරට භූමි තලේ වත්කර ගිනි  දමා තිබේ.

සිසුවාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



ගිනි තියලා තියෙන්නෙ අත්තම්මට ප්‍රතිඵල කියලා එද්දි තාත්තා ඉදිරිපිට දී .. ගිනි තිබ්බෙ කවුද කියලා හෙළි කළොත් පවුලම විනාශ කරන බවට ඇති තර්ජන නිසා වින්දිතයින් වචනයක් කියන්නෙ නෑ….



මහනුවර අම්පිටිය පල්ලේගම පදිංචි මෙම සිසුවා ප්‍රතිපල නිකුත් වීමෙන් පසු තමන් ලද විශිෂ්ට ප්‍රතිපලය සිය මිත්තණියට දැනුම් දීම සඳහා පෙරේදා ( 26 )   රාත්‍රියේ පියා සමඟ ආපසු එමින් සිටිය දී අම්පිටිය මී කණුව ප්‍රදේශයේ රැක සිට දරුවාට භූමිතෙල් ගසා ගිනි තබා ඇත්තේ තාත්තා ඉදිරියේ දීය.

එහෙත් ගිනි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බව සිසුවාගේ පියා පොලීසියට පවසා තිබේ.

සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර අද  (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර තිබිණි.

මෙම අපරාධය සම්බන්ධව සොයා බැලීමට ගිය අවස්ථාවේ දී සිසුවාගේ පවුලේ කිසිවෙක් අපරාධය සම්බන්ධව වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිද්ධියක් විය.

එහෙත් ප්‍රදේශවාසීන් සමග කළ සාකච්ඡාවල දී හෙළි වූයේ  මෙම අපරාධය   සිදුකළ මැරයා  ප්‍රදේශයේ කවුරුත් හොඳින් දන්නා බවත්,     මෙම අපරාධය හෙළි දරව් වුවහොත් මුලු පවුලම විනාශ කරන බවට තර්ජන එල්ල වී ඇති බවත්ය.



පුද්ගලයෙක් කුරුසයට තබා ඇණ ගැසු සිද්ධියටත් මේ මැරයා සම්බන්ධයි… මිනිස්සු අම්පිටියෙ මැර කල්ලිය ගැන වචනයක් කියන්නෙ නෑ… පොලිසියට දෙන ඔත්තු මැරයින්ගෙ කණට යනවලු…



අම්පිටිය ප්‍රදේශය භීතියට පත් කරමින් ක්‍රියාත්මක මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා සිදුකළ නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගන්නා බව ද ප්‍රදේශවාසීහූ චෝදනා කළහ.

හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ජනතාව භීතියට පත් කරමින්  එළිපිට කප්පම් ගැනීම් සිදු කරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පවසන ප්‍රදේශවාසීන් පොලීසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් අපරාධකරුවන්ට තමන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙලි කරන නිසා කිසිවෙකුත් මෙම මැර කල්ලිවලට එරෙහිව කටයුතු කරන්නට නොයන බවද කීහ.

මේ පිළිබඳව කළ විමසීමක දී උක්ත අපරාධය කළ අපරාධය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇතැයි කී මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව ද පැවසුවේය.

මෙම සිද්ධියට අදාළ සැකකරු මීට පෙර අවස්ථාවක අම්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කුරුසයක තබා ඇණ ගැසූ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.



හෙරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකරමින් සිටින බවත් ඔවුන් පිළිබඳ කෙතරම් පොලිසියට තොරතුරු ලබා දුන්නත් පලක් නොවන බවත් තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති.



පොලිස් අධිකාරීවරයා කීවේ මේ වනවිට සැකකාර අපරාධකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති නමුත් හැකි සියලුම ශක්තිය යොදා වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(මුලාශ්‍රය -lankasara.com)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්