මැයි 09 වනදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට

ගන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකල අංක CA/Writ/437/2022 දරන රිට් පෙත්සම අද (29) දිනයේදී අභියාචනාධිකරණයේදී සලකා බැලුනි.

 

එහිදී නීතිපතිවරයා කරුණු දක්වමින් කියා සිටියේ, තමන් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් මෙම නඩුවේදී පෙනී නොසිටින බවයි. තමා මෙම කාරණයම සම්බන්ධයෙන් වෙනත් අධිකරණයක නඩුවකට පෙනී සිටින බැවින් බැඳීයාවන් අතර ගැටුමක් සිදුවන නිසා තමා මෙම නඩුවට පෙනී නොසිටි බව නිතිපතිවරයා පවසා ඇත. 


එහිදී බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි, නීතීඥවරයා කියා සිටියේ, දේශබන්දු  විසින් ජනාධිපති නීතීඥ රොමේෂ් ඩී. සිල්වාගේ සේවය පෙරදින හවස ලබාගෙන ඇති බවත් එබැවින් නඩුවට සූදානම් වීම සදහා ප්‍රමාණවත් කාලයක් නොතිබූ බවයි.


ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් විසින් පෙත්සම්කරුගේ කරුණු තහවුරු කිරීම සදහා මෙම නඩුව දෙසැම්බර් මස 16 වන දිනට නියම කෙරුණි.


පෙත්සම්කාර නීතිඥ රාමලිංගම් රංජන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, අශාන් නානායක්කාර, ඉෆ්ෆත් සහාබ්දීන්, චාන් ගොඩකුඹුර සහ මිගාර ගුණරත්න යන නීතීඥවරුන් පෙනී සිටියහ.


රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉදිරිපත් වූ පෙත්සම


ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (28) රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.


අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.


එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.

 

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර ඇති බවය. එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් පෙත්සමේ සඳහන් වේ.

 

ඒ අනුව "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණ.


ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.


එමෙන්ම දේශබන්දු තෙන්නකෝන්සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළ ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.


රිට් පෙත්සම මෙතනින් බලන්න



සබැඳි පුවත් :
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව රිට් පෙත්සමක්


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්