මෙරටට පාරිභෝගික භාණ්ඩ ගණනාවක් ආනයනය කර බෙදා හරින ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගමක් පමණක් ලංකාවට ආනයනය කර බෙදාහරින,
Comfort නැමැති නිෂ්පාදනයට රේගු බදු සහ වැට් බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් වසරකට රුපියල් මිලියන ගණනක් රටට අහිමි වීමට ඉඩ සලස්වා ඇතැයි වෙළඳපොල ආරංචිමාර්ග පවසයි.
 

මෙසේ මෙම නිෂ්පාදනයට රේගු බදු සහ වැට් බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මූලික වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේම ප්‍රබලයෙකු බව ද එම ආරංචිමාර්ග කියා සිටියි. අදාළ බහුජාතික සමාගම ඒ වෙනුවෙන් එම නිලධාරියට විශාල ලෙස වරදාන හා වරප්‍රසාද ලබාදී ඇතැයි ද සඳහන් වේ.
 

වාර්තා වන පරිදි මුදල් අමාත්‍යංශයේ මෙම බලධාරියා, කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද, කවුරුන් ජනාධිපති වුවද, කවුරුන් මුදල් ඇමති වුවද තමාට අවශ්‍ය පරිදි මෙම අකටයුතු අඛණ්ඩව කරගෙන යාමට තරම් බලසම්පන්න පුද්ගලයෙකු බව පැවසේ.
 

අදාල බහුජාතික සමාගම මැතිවරණවලදී බොහෝ දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයින්ට නොමසුරුව වියපැහැදම් කරන බැවින් එම සමාගමේ අකටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයෙන් ද විවේචනයක් එල්ල නොවීම සුවිශේෂී කාරණයකි. මේ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ හෝ අවධානය යොමුව නොමැත.


කර්මාන්තකරුවන්ගෙන් හෙළිදරව්වක් !


සිය අනන්‍යතාවය ප්‍රකාශ නොකරන්නැයි ඉල්ලා සිටිමින් අපවෙත අදහස් දැක්වූ ප්‍රකට දේශීය ව්‍යාපාරිකයකු පැවසුයේ, වත්මන් ආණ්ඩුව ආණ්ඩුව පාන් පිටිවලට, ලූණු ගෙඩියට, පරිප්පු ටිකට, බෙහෙත් පෙත්තට පවා අසීමිත ලෙස බදු පනවද්දී, ජනතාවට අලුතින් ඇඳුමක් ගැනීමට තබා හිතන්නත් බැරි තැනට පත්කර තිබියදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයක් මෙසේ රේගු බද්දෙන් සහ වැට් බද්දෙන් නිදහස් කරමින් රටට වසරකට රුපියල් මිලියන සියගණනක බදු ආදායමක් අහිමි කිරීම සම්බන්ධයෙන් කිසිඳු විරෝධයක් එල්ල නොවීම බරපතල කාරණයක් බවයි.
 

දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ නාමයෙන් මෙවර අයවැය මගින් සෙස් බදු ඉවත්කිරීමට යෝජනාකර ඇතත් එමගින් ආනයන දිරිමත් වී දේශීය කර්මාන්ත වළපල්ලට යන බව කර්මාන්ත කරුවෝ පවසති.
 

සියලුම අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය නිෂ්පාදකවරුන්ගේ සංගමය ඒ බව අවධාරණය කර තිබේ.
 

එම සංගමය සදහන්කර ඇත්තේ නිදහස් වෙළෙද ගිවිසුම් යටතේ රේගු බදු නිදහස් කර ඇති භාණ්ඩවලට දැනට පනවා ඇති සෙස් බදු පමණක් ඉවත් කළද ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිදවැටෙන බවයි.
 

ඒ අනුව අවම වශයෙන් සෘජු පුහුණු රැකියා 5000ක් අහිමිවන බවද එම සංගමය සදහන් කරයි.

Letter to Ministers from CMAS 1 scaledLetter to Ministers from CMAS 2 scaled
 Letter to Ministers from CMAS 3 scaled
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්