theleaderlk 01

"Mein Schiff 5" නමැති අධි සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.


සංචාරකයින් 2,000කට අධික පිරිසක් එම නෞකාවෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ෆින්ලන්තයේදී නිෂ්පාදනය කළ මෝල්ටා ධජය යටතේ ලියාපදිංචි කර ඇති "මේන් ෂිෆ් ෆයිව්" නෞකාව ජර්මනියේ TUI නෞකා සමාගමට අයත් ලොව ඇති විශාලතම අධි සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාවකි.

ඉකුත් නොවැම්බර් 05 වනදා තුර්කියේ අන්ටාලියා වරායෙන් දින 46ක සංචාරයක් පිටත් වී ඇති මෙම නෞකාව ඊජිප්තුව, ජෝර්දානය සහ ඕමානයේ සංචාරය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ළඟාවී තිබේ.

මගීන් 2030 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 945 දෙනෙකුගෙන් සමන්විත නෞකාවේ සිටින මගීන් බහුතරය යුරෝපා ජාතිකයිනි.

අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණී නෞකාව විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුම් ලෑමට නොහැකි වූ අතර එය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම්ලනු ලැබීය.

නෞකාවේ පැමිණි මගීන් සහ කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියේය.



{gallery}Mein_Schiff.jpg{/gallery}


නෞකාවේ සිටින මගීන්ට සහ කාර්ය මණ්ඩලයට අද දිනය තුළ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් සහ කැලණිය රජමහා විහාරය නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර මුතුරාජවෙල තෙත් බිම් ආශ්‍රීත කලපුවේ බෝට්ටු සවාරියක යෙදීමටද සංචාරක අමාත්‍යාංශය අවස්ථාව සලසා තිබේ.

එමෙන්ම නෞකාව අද රාත්‍රීයේ කොළඹ වරායෙන් පිටත්වී හම්බන්තොට වරායට ගමන් කිරීමට නියමිත අතර හෙට දිනයේ එම සංචාරකයින්ට ගාල්ල, මාඳුගඟ සහ දකුණු වෙරළ තීරයේ ස්ථාන කිහිපයක සංචාරයේ යෙදීමට අවස්ථාව සලසා ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව නෞකාව මැලේසියාව බලා පිටත්වනු ඇත.





ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.



රටේ සංචාරක කර්මාන්තය යම් ආකාරයක පිබිදීමක් කරා ගමන් කරමින් සිටින බව එයින පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දුන්නේය.

නොවැම්බර් 1 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 51865 ක් පැමිණ තිබේ.

ඉකුත් අප්‍රේල් මස ශ්‍රී ලංකාවට සංචාරකයන් 62980 ක් පැමිණි අතර ඉන්පසුව 50000 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වන විට සංචාරකයන් 620123 ක් පැමිණ ඇත.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

නවතම පුවත්