ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමන්ට ජනාධිපතිධූරය ලබා ගැනීමට හැකි යැයි විශ්වාස කළ බැසිල්

රාජපක්ෂ ඒ සඳහා උපකාරී වන අයුරින් රටේ ආර්ථික අර්බූදය උඩුදුවන තුරු බලා සිටි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.


ඔහු මේ බව සදහන් කර සිටියේ, උත්තර ලංකා සභාගයේ ගාලු දිසා සමුළුව ඊයේ (29 දින) අමතමිණි.


එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ සඳහන් කළේය.


''අප කුඩා කාලයේ අසා ඇති කතාවක් තමයි වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියන කතාව. ගාල්ලේ ඉන්නේ වැඩ කාරයෝ තමයි. වැඩ බැරි කෙනෙක් හිටියත් ගම ගාල්ලෙ කිව්වම පොඩි වටිනාකමක් ලැබෙනවා කියන එක තමයි ඒ කතාවේ තේරුම.


ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් මහතා කියනවා මීට වසර 4900 කට කලින් අරාබියෙ රජකළ සොලමන් රජතුමාට කුරුදු, මොනරුන්, සහ ඇත්දළ සැපයූයේ ලංකාවේ ගාලු වරායෙන් කියලා. ඒ කියන්නේ මේ ගාල්ලට, අපේ ශ්‍රී විභූතියේ උච්චතම ස්ථානය ලෙසින් හඳුන්වන අනුරාධපුර නගරයටත් වඩා දීර්ඝතම ඉතිහාසයක් තියෙනවා. අනුරාධපුර නගරය වසර 2600යි. ගාල්ල 4900 යි. ඒ වාගේම රාමායණයට නිහඬ සාක්ෂි සපයන රූමස්සල තියෙන්නේ ගාල්ලේ.  අපේ නිදහස් අරගලයේ විරුවන් බිහිකළේ ගාල්ලේ. මාර්ටින් වික්‍රමසිංහ, අරිසෙන් අහුබුදු වගේ දැවැන්ත සාහිත්‍යධරයන් බිහි කළේ ද ගාල්ල. බෞද්ධ පුනර්ජීවනයේ මහගු කාර්යක් සිදු කල හික්කඩුවේ සුමංගල නා හිමියන් වැනි නායකයන් බිහි කළේ ගාල්ල. අතිදක්ෂ පුද්ගලයන් රැසක් බිහිකළ මහින්ද විදුහල තියෙන්නෙත් ගාල්ලේ. පිට රටවල ජනාධිපතිවරුන් පවා බිහිකළ බොනොවිස්ටා විදුහල තියෙන්නෙත් ගාල්ලේ. එහෙව් ගාල්ලට අද අපි ආවේ උත්තර ලංකා සභාගය විදියට පවතින අර්බුදයට විසඳුම් හොයන්න.


අර්බූදයේ සැබෑ හේතුව කුමක් ද?

 

''එකිනෙකාට චෝදනා කිරීමෙන් වැඩක් නැහැ. මේ අර්බූදය විසඳිය හැක්කේ අර්බූදයට හේතු හොයලා මේවා විසඳන උත්තර හොයා ගැනීමෙන් පමණයි කියන පණිවිඩය ලබා දෙන්න. අපි දන්නවා දුකක් තියෙනවා නම් දුකයි දුකයි කියලා හඬා වැටුණට දුක නැති වෙන්නෙ නැහැ. දුකට හේතුව හොයා ගත්තොත් විතරයි අපට දුකින් මිදීමේ මාර්ගය පාදා ගන්න පුළුවන් වෙන්නේ. මේ අර්බූදය අපට දුකක්. මේ අර්බූදය සඳහා හේතුව අපි හඳුනා ගන්නේ නැතුව අර්බූදයෙන් ගොඩ යන්න විදිහක් නැහැ.''

 

සමහරු කියනවා හොරකම නිසා මේ අර්බූදය ඇතිවුනා කියලා. නමුත් 1948 නිදහස ලැබුණු දා ඉදන්ම අඩු වැඩි වශයෙන් දූෂණය තිබ්බා. 77න් පස්සේ දූෂණය තිවුර වුනා. රාජපක්ෂලා හොඳට ජාවාරම් කරපු බව තිත්ත ඇත්තක්. නමුත් මේ අර්බූදය ඇති වුණේ රාජපක්ෂලා හොරකම් කිරීමෙන් පමණයි කීම අර්බූදය විසඳන්න තියන අවස්ථාව නැති කරලා රට මං මුලාවට පත් කිරීමක්. රාජපක්ෂලාගේ හොරකම් මේ අර්බූදය තීවුර කරන්න බලපෑවා මිස අර්බූදයේ මූලය එතැන නෙවෙයි තියෙන්නේ.


අර්බූදයට හේතුව තමයි ආදායම වගේ දෙතුන් ගුණයක් වියදම් කිරීමත් ආදායම සහ වියදම පියවා ගන්න දරාගන්න බැරි ණය කන්දක් ලබා ගැනීමත්. එහෙම නම් අපි උත්තර හොයන්න ඕනේ එතනින්.

 

මේ අර්බූදය ඇති කළේ රාජපක්ෂලා නොවුනාට මේ අර්බූදය මෙතරම් තීවුරවුර වීම වලක්වා ගන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ඕනෙ තරම් අවස්ථාව තිබුණා. මේ අර්බූදය තීවුර වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය කළමනාකරණය කිරීමට ඉඩ නොදුන්නේ බැසිල්. මේ අර්බූදය මෙතනට අරන් ආවෙ බැසිල්. වත්මන් අර්බූදයේ නිර්මාණකරුවා නම් බැසිල් රාජපක්ෂ කියන එක අපි බය නැතුව කියනවා.

 

අර්බූදය තීවුර කලේ කවුද ?


මේ අර්බූදය එන බව අපි මුලින්ම අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර්බර් මාසයේ 26 වෙනිදා. කවුරුවත්  කනකටවත් ගත්තේ නැහැ මෙවැනි අර්බූදයක් එනවා කියලා. මේ ගැන ඇතුලේ කතා කරලා, කතා කරලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11 ක්ම දාලාත් මුකුත් නොකර බලන් ඉන්නවා දැක්කම අවසානයේ තීරණය කළා මාධ්‍ය හමුවක් තියලා 2021 ජුනි මාසයේ 12 වෙනි දා රටට කියන්න අපි අර්බූදයක  පාමුල ඉන්නේ කියලා.


එතකොට ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු දාලා බැසිල් උන්නැහේ කියන්න හැදුවේ මොකක්ද. අපිට ඇති තරම් සල්ලි තියෙනවා. අපිට ඇති තරම් ඩොලර් ද තියනවා. ගම්මන්පිල බොරු බිල්ලො මවනවා. ඒ අය මේ අර්බූදය එන බව දනිමින් අර්බූදය එනවා කියලා අප ඇඟට ඇනලා කියද්දි අර්බූදය ඇති වෙන්න ඉඩ දීලා නිහඩව බලා හිටියේ. ඒ වගේම අර්බූදය වැඩි වෙන්න පාර කැපුවා.




The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්