ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය

යුරෝපා සංගමය සහ ජර්මනිය ඇතුළු රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට දරුණු අන්දමින් බලපෑමට ඉඩ තිබෙන බවට ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාධාරිනියක් අනතුරු අඟවයි.

"Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ටිකිරි සුභාෂිණි විප්ෆ්ලර් කියා සිටියේ, එම ප්‍රකාශය කළේ දිලුම් අමුණුගම වැනි අවශේෂ පුද්ගලයෙකු හෝ වෙඩරුවේ උපාලි වැනි හිමිනමක් නොව රටේ ප්‍රධාන පුරවැසියා විසින් වීම ඉතා බරපතල තත්වයක් බවයි.

 

 

එමෙන්ම ජනාධිපතිවරයා තමන් "හිට්ලර් කෙනෙක් වෙන බවට" අනතුරු ඇඟවීමක් කළේ නැතැයි තර්ක කරන ඔහුගේ ආධාරකරුවන්ට පිළිතුරු දෙන සුභාෂිණි විප්ෆ්ලර්, ජනාධිපතිවරයාගේ සමස්ත දේශනයේ සන්දර්භය තුළ එම ප්‍රකාශය වටහාගත යුතු බව අවධාරණය කරන්නීය.

විශේෂයෙන්ම 'ඩිපෙන්ඩර්' ලෙසින් විග්‍රහකරමින් මානව හිමිකම් ක්‍රියාධරයන්ට එල්ලකළ තර්ජනය දැඩිව හෙලා දකින බව පවසන ඇය පවසන්නේ, හිට්ලර් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතු බවය.

"ඒ කතා දෙකේම කරුණු කාරණා මත කියවෙන්නේ ඒකාධිපතියෙක් කතාකරන ආකාරය. ඒක අපේ රටට හානිකරයි."

විශේෂයෙන්ම ජර්මනිය තුළ හිට්ලර් ලෙසින් දරුවෙකුට නම් තැබිය නොහැකි අතර, "ඇඩොල්ෆ් හිට්ලර්" යන්න රට තුල කිසිදු නිල අවස්තාවක සඳහන් නොවන බවද සුභාෂිණි විප්ෆ්ලර් පෙන්වා දුන්නාය.

මේ අතර ෆේස්බුක් ඔස්සේ සටහනක් තබන නීතිවේදිනී නිමල්කා ප්‍රනාන්දු පවසන්නේ, සමාජය ජනාධිපතිවරයාට "හිට්ලර් තොප්පි දැමීම" අසාධාරණ බවය.

saer

"අපි මාර විදියට ජාත්‍යන්තර යට කිව්වා නේ මිස්ටර් ගෝටා හිට්ලර් වෙනවා කියල. එයා ගෝල්පේස් එකේ අරගල බිමක් දීල යන්න ගියා එලෝ ගත්ත. ඒ අරාජිකත්වයට මුහුණ දෙන මනුස්සයට ත් හිට්ලර් තොප්පි දානවා...එයා ගියොත් ඊලඟ එක්කෙනාටත් හිට්ලර් කියනවා...," ලෙසින් නිමල්කා ප්‍රනාන්දු සඳහන්  කර තිබිණ.

එහෙත් ඇයගේ අදහස දැඩි විවේචනයට ලක්කරන බොහෝ මානව හිමිකම් ක්‍රියාධරයන්, රනිල් වික්‍රමසිංහ ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව කිසිදු බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් සම්බන්ධයෙන් ඇය හඬ නොනැගීම දැඩිව ප්‍රශ්න කර තිබිණ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්