මෙරටට පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ සංචාරකයින් පිරිසක් ඊයේ (30) යාල වනෝද්‍යානය නැරඹීමට ද එක්ව සිටි අතර ඔවුනට පැය
ගණනක් පෝලිම් වල රස්තියාදු වීමට සිදුව ඇතැයි වාර්තාවේ.
සංචාරකයින් දෙදහසකට වැඩි පිරිසක් සමග පෙරේදා (29) කොළඹ වරායට පැමිණි "මේන් ෂිෆ් 5" සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ පස්වරුවේ හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.
මෙහිදී සංචාරකයින්ට හම්බන්තොට නගරය හා ඒ ආශ්රිත ස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව හිමිවුණි.
මෙලෙස යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇත්තේ ඒ අතරින් සංචාරකයින් 700කට ආසන්න පිරිසකි.
කෙසේවෙතත් ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා පැය දෙකකට වැඩිවේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුවීමෙන් ඇතැම් සංචාරකයින්ට වනෝද්‍යානය නැරඹීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැත.
මේ හේතුවෙන් ඔවුන්ට අමතර පැය එකහමාරක පමණ කාලයක් වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබුණි.
මෙතරම් සංචාරක පිරිසක් එන බව යාල වනෝද්‍යාන පරිපාලකයින්ට පෙර දැනුම්දීමක් කර තිබියදී ඒ වෙනුවෙන් පෙර සුදානමක් නොතිබීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශයේ කනස්සල්ල පලවී ඇත.
එසේවුවද පසුගියදා විෂයබාර අමාත්‍යවරයාගේ ඥාතියකු ඇතුළු රථවාහන පෙළපාලියකට යාල වනෝද්‍යානයට තුලට ඇතුළුවීමේදී කිසිඳු ආකාරයේ බාධාවක් හෝ රස්තියාදුවක් සිදුව නොතිබිණ.
http://theleader.lk/news/14435-2022-12-01-05-17-56#sigProId3c5702a34c