ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව ඊයේ (30) අවසන් විය.



ඒ, තුන්වන සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම හේතුවෙනි.


මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 313 ලබා ගැනීමට සමත් විය.


සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉබ්රහීම් සද්‍රාන් පන්දු 138කදී ලකුණු 162ක් ලබා ගත්තේ, ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු එක් දින තරගයක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගනිමිනි.


ලකුණු 314ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී තිබියදී ලකුණු 314ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.


සාර්ථක ආරම්භයක් ලබා දුන් පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 101ක සබදතාවක් ගොඩ නැගීය.


කුසල් මෙන්ඩිස් ලකුණු 67යි. පැතුම් නිස්සංක ලකුණු 35ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 33ක් රැස් කළේය.



PK

ශ්‍රී ලංකා පිලේ කඩුළු 4ක් ලකුණු 164ක් තුළ බිදවැටී තිබූ අවස්ථාවේ පිටියට එක් වූ චරිත් අසලංක සහ දසුන් ශානක පස්වන කඩුල්ලට ලකුණු 75ක් රැස් කළේය. දසුන් ලකුණු 43යි.


එක් අන්තයක් රැකගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 72කදී නොදැවී ලකුණු 83ක් රැස්කළ අතර ඊට දර්ශණිය හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.


යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 21කදී නොදැවී ලකුණු 31ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළ අතර ඔවුන් දෙදෙනා අතර 7 වන කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාව ලකුණු 65කි.


තරගය පැවති පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කිසියම් කණ්ඩායමක් හඹා ගොස් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. මීට පෙර ශ්‍රී ලංකාව ලකුණු 296ක් හඹා ගොස් මේ වසරේ ජනවාරි මාසයේදී වාර්තාවක් බිහි කර තිබිණ.


ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ වීරයා සම්මානය ඇෆ්ගනිස්ථානයේ ඊබ්‍රහීම් සඩ්‍රාන් දිනා ගත් අතර අවසන් තරගයේ වීරයා බවට පත්වුණේ චරිත් අසලංකයි.




 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්