ප්‍රජතන්ත්‍රවාදය අගයන අප මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකතුමන් සහ පක්ෂ නායකයින් සමග ද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමග සාකච්ජා කොට තීරණය කිරීමට බලාපොරොත්තුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


එමෙන්ම 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂට අගමැතිවරයා මෙහිදී සිය සුභ පැතුම්ද එක් කර ඇත.

19 වන සංශෝධනය සමාලෝචනය කිරීමේ සුදානමක් !

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසන්නේ, නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය ගැන සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ ඉදිරි කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වන බවයි. 

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද පස්වරුවේ නිකුත්කල නිවේදනයක එබව සඳහන්වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්