පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර දී ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තාවල සඳහා කරුණු නිවැරදි නොවන බව “ආර්ථිකය

ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව” සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික පවසයි.


පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව  විසින් ඊයේ (30)  මාධ්‍යයට නිකුත් කළ “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ මාධ්‍ය නිවේදනයට අදාළව විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු පියවර දෙකකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව  පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට මණ්ඩලය ගෙවිය යුතු එහෙත් මාස 10කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති ගෙවීම් කොටස් වශයෙන් ගෙවීමට අපේක්ෂා කරන බවත් අදාළ කමිටුවේ දී අනාවරණය වූ බව ප්‍රකාශයට පත් කර තිබිණ.


මාධ්‍ය මගින් අදාළ නිවේදනය ප්‍රකාශයට පත් වූ ආකාරය නිවැරදි නොවන බවත්, විදුලි ගාස්තු පියවර දෙකකින් වැඩි කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට කැබිනට් අනුමතිය හිමිවූ බව මෙහිදී අනාවරණය වූ කරුණක් පමණක් බවත්, ඒ පිළිබඳ තීරණ ගැනීමක් හෝ අනුමැතිය ලබා දීමක් “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව” මගින් සිදුනොකෙරෙන බවත් එම අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටී.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්