රටේ ජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අහේනිය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුව සිටින ආකාරය

රටට හෙළි කළ වෛද්‍යවරයකුගේ වැඩ තහනම් කළ රජය රටේ දරුවන්ගේ මන්දපෝෂණය තවත් වැඩිවිය හැකි බවට බිය පළකර තිබේ.


''මේ වෙන කොට අපි කරපු සමීක්ෂණ අනුව දරුවන් 21000 ක් ඉන්නවා මේ තත්වයට භාජනය වෙච්ච. අපි විශ්වාස කරනවා ඒ විසි එක් දාහ හතලිස් දහසකට පමණ වර්ධනය වෙයි කියලා. ''

මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක ට ආසන්න මුදලක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහන ලබා දීමට වෙන් කර ඇති බව නොවැම්බර් 29 වැනිදා පාර්ලිමේන්තුවේදී සදහන් කළ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පෙන්වා දෙන්නේ, අද වන විට පවතින ලොකුම ප්‍රශ්නය ළමා මන්දපෝෂණය බවයි.

මෙරට ළමා මන්දපෝෂණය වැඩිවී ඇති බවට මීට මාස දෙකකට ඉහතදී යුනිසෙෆ් ආයතනය කළ අනාවරණය රජය විසින් බැහැර කර තිබුනේ එම තොරතුරු  ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතා පැරණි කාල පරාසයකට අයත් දත්ත භාවිත කර ඇති බවට චෝදනා කරමිනි.



සැප්තැම්බර් මාසයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් පදනම් කරගනිමින් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් රාජ්‍ය සේවා කොමිසන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කිරීම රට පුරා වෘත්තීය සමිතිවල දැඩි විරෝධයට හේතු විය.



රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් වෛද්‍ය සංජීව  සිදු කළ අනාවරයෙන් පසුව රජය විසින්  දීප ව්‍යාප්ත ලෙස මන්දපෝෂණය මැඩපැවැත්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ අතර පසුගියදා යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර තිබුනේ මෙරට දරුවන් 50000 ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

එම සංඛ්‍යාව 40000 ක් පමණ විය හැකි බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දැන්  විශ්වාස කරයි.

රට මුහුණ දී සිටින ආර්ථික අහේනියේ වැඩිම බර දරන්නට සිදුවී ඇත්තේ දරුවන්ට බව අනාවරණය කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් උග්‍ර මන්දපෝෂණය අතින්  දකුණු ආසියා කලාපයේ ඉහළම ස්ථානයක ශ්‍රී ලංකාව රැදී සිටින බව පෙන්වා දී මාසයක් ගතවීමන් පසු ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය ද සිය සමීක්ෂණයක් මගින් ඔක්තෝබර් මාසයේදී හෙළි කර තිබුනේ දරුවන් පාසල් යැවීමට සහ බේත් හේත් මිලදී ගැනීම සඳහා නොකා නොබී සිටීමේ දුෂ්කර තීරණය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවට සිදුවී ඇත.



අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව පාසල් යන දරුවන් මිලියන 4.1ක් සිටින අතර එයින් දහවල් ආහාරය ලැබෙන්නේ පාසල් සිසුන් ලක්ෂ 11කට පමණි. එක් පාසල් දරුවකු සඳහා ආහාර වේලකට රුපියල් 60 ක් වෙන් කරනු ලැබේ. 

 

ආහාර සාමාන්‍යයෙන් බත්, බිත්තර හෝ හාල්මැස්සන්, එළවළු සහ මැල්ලුමකින් සමන්විත වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහින්ද යාපා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනේ “වෛද්‍ය උපදෙස් මත සිසුන්ගේ ආහාර වේලට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් කර ඇති බවට අපි සහතික වන” බවයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ ප්‍රධානතම සංගමය පෙන්වා දෙන්නේ පාසල් දිවා ආහාර වැඩසටහන එක් දරුවකුට වෙන්කරන මුදල බිත්තරයක මිල දක්වා පහත දමා ඇති බවයි.

“පවතින ආර්ථික උද්ධමනය හමුවේ එම මිලට දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දිය නොහැකි තත්වය තුළ ආහාර සැපයුම්කරුවන් හා පාසල් අතර, අදාළ ගිවිසුම් වලට එළඹීම සිදු නොවීමෙන් මේ වන විට එම දිවා ආහාර වැඩසටහන බරපතල අර්බුදයක පවතී,” යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසා තිබුණි.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්