මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද ඇමතිට ගරු නොකරන බවත්, පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම නිසා මේ අවස්ථාවේදී දේශපාලන
අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (1) පස්වරුවේ පැවසීය.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සහ තමා අතර මත ගැටුමක් පමණක් ඇති බව කී රත්නායක, විදුලි කප්පාදුව නොසළකා හරින ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද විදුලි කප්පාදුවේ වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.
විදුලි බිල වැඩි වීමට දේශපාලන බලපෑම් එල්ල වූ හැටි ගැන අනාවරණයක්
බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, මෙරට විදුලි බිල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී දත්ත මත පදනම් නොවී දේශපාලන හේතු මුල් කරගනිමින් කටයුතු කිරීම වත්මන් විදුලි අර්බුදයට ප්‍රධාන හේතුවක් බවයි.
දේශපාලන බලපෑම් මත 2014 වසරෙන් පසු වසරකට දෙවතාවක් විදුලි බිල සංශෝධනය නොකිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ පාඩුව ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වාදෙයි.
විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් වැඩි කළ යුතු බවට එම මණ්ඩලය මේ වන විටත් ප්‍රකාශ කර අවසන්. විදුලි බල මණ්ඩලය මෙතරම් පාඩු ලැබුවේ ඇයි? 'නෙත් නිවුස්' කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මෙසේ සඳහන් කළේය.
ලබන ජනවාරි සහ ජුනි මාස වලදී විදුලි බිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව මේ වන විටත් අනාවරණ වී ඇත. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් යුත් ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටු රැස් වූ අවස්ථාවේදීයි.
විදුලි බිල වැඩි කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න එහිදී ප්‍රකාශ කර තිබේ.
දැනට පවතින පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇත. මේ වන විට විදුලි බල මණ්ඩලය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 650කට ආසන්න වන බවද මෙහිදී අනාවරණ වී තිබේ.
කෙසේවෙතත් විදුලි බිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය නොවන බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය කියා සිටියි.
දේශපාලන තීන්දු මත රැදී නොසිට දත්ත මත පදනම්ව විදුලි බිල අඩු කිරීම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව තීරණ ගත යුතු බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මෙවන් පසුබිමක ලබන වසරේ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය ලබානොදෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද පවසයි. විදුලි බිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීම සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර දකුණු සහ ඇල්ල සංචාරක කලාපවල ඊයේ සිට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසිය. දිවයින පුරා දිවා කාලයේ පැයක විදුලි කප්පාදුව සහ අනෙකුත් ප්‍රදේශවල රාත්‍රී කාලයේ පැයයි විනාඩි විස්සක විදුලි කප්පාදුව දෙසැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කර තිබේ.
මේ අතර දෙසැම්බර් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සදහන් කරයි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න