වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත
අලුත්ගේ පවසයි.
යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ තවදුරටත් මෙසේ සඳහන් කළේය.
“මේ බදු සංශෝධනවල අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක්. රට හැරයන වෘත්තිකයින් නවත්වන්න උත්සාහ කරනවා මිසක්, රට හැර යන්න සිද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා.. ඒවා නිවැරදි කරන්න උත්සාහයක් නැහැ. අපි ළඟ තිබෙන දත්ත අනුව පළවෙනි මාස 8 තුළ 477ක් වෛද්‍යවරු රටින් ගිහින් තිබෙනවා.”
''බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි'' - ජනාධිපති
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 29 දා පාර්ලිමේන්තුවේදී පැවසුයේ, වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බවයි.
වෛද්‍ය පීඨ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකා ආණ්ඩුව ලක්ෂ හැටක් වියදම් කරන බව කී ජනාධිපතිවරයා, එලෙස වියදම් කරන්නේ ලංකාවේ ඉන්න කියා යැයි පැවසීය. පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට ඒ රටවල් අපට දෙන ආධාර වලට වඩා අප ඒ රටවල් වලට දෙන ආධාර වැඩි බවද ජනාධිපතිවරයා කීය. මොන ආණ්ඩුව තිබුනත් මේ ප්රශ්නය බලපාන අතර මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.