ට්‍රිලියන ගණනක ආර්ථිකයක් ඇති චීනය දැනට ශ්‍රි ලංකාවට චීනය පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීමට චීනය කටයුතු නොකරන්නේ නම් මේ රටේ මිලියන 22ක් ජනතාව එකතු වී ගෝටා ගෝ හෝම් ව්‍යාපාරය කළා වගේ ගෝ
හොම් චයිනා ව්‍යාපාරයක් මේ රට තුළ ඇති විය හැකි බවත් ඒ සඳහා තමන් නායකත්වය දෙන බවත් දෙමළ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශානක්‍යන් රාසමානික්කම් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පෙරේදා තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් සමාජ ජාල ගිණුම තුළ වරින් වර තමාව සම්බන්ධ කර යම් යම් විවේචන සිදු කර ඇති බවත් එය මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කළ තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය කෙරෙහි දැඩි කණස්සල්ල පළ කරන බවත් චීනය මේ පාර්ලිමේතුවේ මා කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් එවැනි ප්‍රතිචාරයක් දැක්වීමට කිසිදු අයිතියක් නැති වත් ඔහු සඳහන් කළේය.
“ මම පෙරේදා පාර්ලමේන්තුවේද කතා කළේ චීනය ශ්‍රිලංකාවට පවතින ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා නැති බව. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම්දී බලපා තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. නමුත් මම මේ සම්බන්ධයෙන් තව දෙයක් කියන්නම්.
ලංකාවේ යාලුවා නම් ඩීසල් ටිකක් හාල් කිලෝ ලක්ෂ පහක් දෙන එක නෙවේ කරන්න ඕන. මේ වෙලාවේ තිබෙන ණය කපා හැරලා ණය ප්‍රතිව්‍යූහගතකරණයට එකඟවෙලා ශ්‍රි ලංකාවේ මිියන 22ක් ජනතාවගේ ආර්ථිකයට සහනයක් වෙන එක.
මේක මිලියන 22ක ජනතාවගේ ප්‍රශනයක්. අපි සියල්ල ම ජාති භේද නැතිව ගෝටා එලවන්න ගොඨා ගෝ හොම් ව්‍යාපාරයට එකතු වුණා. ඒ වගේ මිලියන 22ක් ජනතාව වගේ චයිනා ගෝ හොම් කියල කියන තැනට තල්ලු කරන්න එපා.“ රාසමානිනක්ම් මන්ත්‍රිවරයා එසේද පැවසීය.