theleaderlk 01

 'ලීඩර් රෙඩ් ඇලට්' අවධානය යොමු වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත. ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පුවත් මැව්වේ , මැච් දිනලා නෙවෙයි. ධනුෂ්ක දාගත්ත ලෙඩේ නිසා.

ධනුෂ්ක ගැන උණු උණුවේ වැදුණු , ගොසිප් ටික වේලෙන්නත් කලින් , ඊළඟ ගොසිප් ටික වැදුනේ චාමික හරහා. චාමිකත් ඕස්ට්‍රේලියාවේ ගිහින් දාගත්ත ජෝගි ගැන වගේම, ප්‍රෆෝමන්ස් ගැනත් එක එක කතා ගියා.

මේ වෙනකොට ඕස්ට්‍රේලියානු සංචාරය තුළ, සිදුව ඇති සිදුවීම් සොයා බලන්න, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් , දැනටමත්, විශ්‍රාමික විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන මෙතන කතා කරන්න යන්නේ නෑ.

හැබැයි මේ දැන් කියන්න යන කතාවටත් චාමික සම්බන්ධයි.

 ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ගැන, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින්, ක්‍රිකට් ආයතනයේ ලේකම්, මොහාන් ද සිල්වා වෙත යවන ලද ලිපියක්, සමාජ ජාල හරහා ප්‍රචලිත වීම ගැන, ප්‍රසිද්ධ නීතිවේදීන් පිරිසකගේ, අවධානය යොමු වෙලා.

ප්‍රමෝද්‍ය විසින් එහිදී  නගා ඇති චෝදනා, ඒක පාර්ශ්වීය වීමත්, ක්‍රීඩක කොන්ත්‍රාත්තුව මත, චාමිකට ඒ සඳහා පිළිතුරු දීමට නොහැකි වීමෙන්, ඔහුට වන අගතිය වගේම , ක්‍රිකට් ලේකම්ට පුද්ගලිකව යවන ලද ලිපියක්, සමාජ ගත කිරීම සිදුකළේ කවුද යන්න පිළිබඳවත්, කරුණු සළකා බලා, චාමික වෙනුවෙන් නීති මගට යොමු වීමටත්, ඔවුන් සූදානම් වෙන්න යන බවක් තමයි , දැනගන්න තියෙන්නේ.

 
Leader Red Alert  සම්පුර්ණ කතාව මෙතනින් බලන්න පුළුවන්
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

නවතම පුවත්